තවත්
    මුල් පිටුවදේශීය පුවත්දංකොටුවෙන් ඇල්ලූ පොල්තෙල්වල රස පරීක්ෂක වාර්තාව එළියට

    දංකොටුවෙන් ඇල්ලූ පොල්තෙල්වල රස පරීක්ෂක වාර්තාව එළියට

    දංකොටුවෙන් හමුවූ ආනයනික පිරිපහදු නොකල පොල්තෙල් බවුසර් දෙකෙහි ඇෆලටොක්සීන් සියයට 07 ක් ඇතැයි රජයේ රස පරීක්ෂක විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (23) දැනුම් දී තිබේ.

    එම බවුසර්වල අඩංගු පිරිපහදු නොකල පොල්තෙල් නිසි ක්‍රමවෛ්දයට අනුව මෙරටට රැගෙනවිත් ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    දංකොටුවේ පොල්තෙල් කර්මාන්ත ශාලාවක් තුළ සගවා තිබුණු මෙම බවුසර් දෙක සොයා ගන්නේ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ඉකුත් මාර්තු 29 වෙනිදා ලද දුරකතන ඇමතුමකට අනුවය. එම බවුසර් දෙකෙහි පිරිපහදු නොකල පොල්තෙල් ලීටර් 27500 ක් තිබුණු බව පොලීසිය සදහන් කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ එම පොල්තෙල්වල හිමිකරු දීර්ඝ කාලයක් තිස්සේ මෙරට පොල්තෙල් ව්‍යාපාරයේ නිරතව සිටින අයෛක් බවය. අලුත් අවුරුද්ද ඉලක්කරගෙන වැඩි වශයෙන් මෙවර පොල්තෙල් ඔහු ආනයනයකර සිය ගබඩා පුරවා තබාගෙන ඇතැයිද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    ඉන්දුනීසියාව, මලයාසියාව, පැපුවානිව්ගීනියාව, පිලිපීනය යන රටවලින් ඔහු පොල්තෙල් ආනයනය කරන බවත් පිරිපහදු නොකල පොල්තෙල් වැඩි වහයෙන් ආනයනය කරන බවත් පෙනී ගොස් ඇත.

    මෙම ව්‍යාපාරිකයාගේ පොල්තෙල් ගබඩාව පිහිටා ඇත්තේ රාගම හීන්කෙන්දේය. පොල්තෙල් පිරිපහදු කරන කර්මාන්ත ශාලාව පිහිටා ඇත්තේ දොම්පේ ප්‍රදේශයේය. ආනයනික මෙම පොල්තෙල් තොගය නිසි ක්‍රමවෛ්දයට අනුව මෙරටට ආනයනය කිරීමෙන් අනතුරුව දොම්පේ ගබඩාවේ ඉඩපහසුකම් නොමැතිබව කියමින් සිය මිතුරු ව්‍යාපාරිකයෙකුගේ දංකොටුවේ පොල්තෙල් කර්මාන්ත ශාලාවකට රැගෙන ගිය බව මෙම පොල්තෙල් තොගයේ හිමිකරු ප්‍රශ්න කිරීම් හමුවේ සදහන් කර ඇත. එහෙත් විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ පිරිපහදු නොකල පොල්තෙල් සම්බන්ධයෙන් ඒ වන විට රටේ යම් ආන්දෝලනයක් ඇතිවූ බැවින් බියට පත්වූ මෙම ව්‍යාපාරිකයා මෙම පොල්තෙල් තොගය දංකොටුවට රැගෙන ගොස් ඇති බවය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම නිර්දේශයන්ට අනුව පොල්තෙල්වල ඇති මිනිස් සිරුරට අහිතකර ඇෆලටොක්සීන් ප්‍රමාණය සියයට 10 කි. මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කලකට ඉහතදී නිකුත්කර ඇති චක්‍රෙල්ඛයට අනුව පොල්තෙල්වල තිබිය යුතු වනනේ ඇෆලටොක්සීන් ප්‍රමාණය සියයට 30 කට අඩුවෙනි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img