Home උණුසුම් පුවත් ඉන්දියාවට පළාගොස් සිටින මෙරට පාතාලයෝ ගැටෙති

ඉන්දියාවට පළාගොස් සිටින මෙරට පාතාලයෝ ගැටෙති

0
ඉන්දියාවට පළාගොස් සිටින මෙරට පාතාලයෝ ගැටෙති

ඉන්දියාවට පළාගොස් සිටින මෙරට පාතාල අපරාධකරුවන් දෙදෙනක් වන පූකුඩිකන්නා සහ කිඹුලා ඇල ගුණා අතර හටගෙන ඇති ගැටුමක් හේතුවෙන් කොටහේන විවේකානන්ද මාවතේදී ඊයේ රාත්‍රීයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි බුද්ධි තොරතුරු සඳහන් කරයි.

එම වෙඩි තැබීමෙන් පූකුඩිකන්නාගේ සමීපතයෙක් මිය ගොස් ඇති අතර ඔහු පොලියට මුදල් දෙන ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටියෙකි.

මෙම වෙඩි තැබීම කිඹුලා ඇල ගුණාගේ කල්ලිය විසින් සිදුකර ඇතැයි සැකකෙරේ.

ඉකුත් ජූනි 06 වෙනිදා කිඹුලා ඇල ගුණාගේ පාර්ශවයේ සාමාජිකයෙකුට මෝදරදී වෙඩි තබා ඝාතනයකර ඇති අතර ජූලි මාසයේදී මෝදර සහ අලුත් හෙට්ටිවීදියේදීද දෙදෙනෙකුට වෙඩි තබා තිබුණි. මෝදර වෙඩි තැබීමෙන් එම පුද්ගලයා වෙඩි නොවැදී පළාගොස් දිවි රැකගෙන තිබේ. අලුත් හෙට්ටිවීදියේ දී තැබූ වෙඩිල්ලෙන් එක් අයෙක් තුවාල ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here