Home උණුසුම් පුවත් කුඩු පාතාලයේ වෙඩි රත්ගමත් පත්තුවේ

කුඩු පාතාලයේ වෙඩි රත්ගමත් පත්තුවේ

0
කුඩු පාතාලයේ වෙඩි රත්ගමත් පත්තුවේ

රත්ගම ගම්මැද්දේගොඩ පිහිටි නිවසකට අද දහවල් කඩා වැදුණු පුද්ගලයෙක් ටී 56 අවියකින් එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් බෝට්ටු හිමිකරුවෙක් මියගොස් දෙදෙනෙක් තුවාල ලබා ඇත.

යතුරු පැදියකින් පැමිණි වෙඩික්කරු කළ මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ රත්ගම දේවිනීගොඩ පදිංචිකරුවෙකි. මෙම වෙඩි ප්‍රහාරයට ඔහු ලක්ව ඇත්තේ මාළු දැල් අලුත්වැඩියා කරන පුද්ගලයෙකුගේ නිවසකදීය.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර නිවෙස් හිමි ව්‍යාපාරිකයාද සිටී.

පසුගිය කාලයේදී නාවික හමුදාව විසින් කිලෝ සිය ගණනින් මත්කුඩු තොග ඇල්ලීම සහ මෙම වෙඩි තැබීම අතර යම් සම්බන්ධයක් ඇතැයි පොලීසිය සැකකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here