Home උණුසුම් පුවත් කෝටි 15ක් වටිනා මැණික් ගල් සමඟ සේප්පුවක් ඉස්සූ කුඩ්ඩෝ දෙන්නා කොටුවේ

කෝටි 15ක් වටිනා මැණික් ගල් සමඟ සේප්පුවක් ඉස්සූ කුඩ්ඩෝ දෙන්නා කොටුවේ

0
කෝටි 15ක් වටිනා මැණික් ගල් සමඟ සේප්පුවක් ඉස්සූ කුඩ්ඩෝ දෙන්නා කොටුවේ

කුරුදුවත්ත පොලිස් වසමේ ඇලැක්සැන්ඩ්‍රා මාවතේ පිහිටි ව්‍යාපාරික ස්ථානයකින් මැණික් ගල් අඩංගු සේප්පවක් සොරාගත් මත්කුඩු වලට ඇබ්බැහි වී සිටින දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

එම සේප්පුවේ තිබී ඇති මැණික්ගල්වල වටිනාකම රුපියල් 158,735,000ක් බව පොලීසියට ඒ ගැන කර ඇති පැමිණිල්ලෙහි සඳහන්ය.

ඉකුත් 08 වෙනිදා මෙම සොරකම සිදුව ඇත.

හෙරොයින් ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 385ක් සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ තොටලඟ ප්‍රදේශයේදීය.

ඔවුන් වයස අවුරුදු 23ක් සහ 25ක් වන වැලැමඩ ලුණුවත්තේ පදිංචිකරුවන්ය.

තවත් කිහිප දෙනෙක් මෙම සොරකමට සම්බන්ධව සිට ඇති බවද අනාවරණය වී ඇත. වෑන් රථයකින් එම ව්‍යාපාරික ස්ථානයට ගොස් සොරකම සිදුකර තිබේ. එම වෑන් රථයට පොලිසීය සිය භාරයට ගෙන ඇත.

මැණික් ගල් 16ක් සමඟ සේප්පුවද හමුවී තිබේ. සෙසු මැණික් ගල් සොයා පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here