පාදුක්ක හල්පේ වත්තේ අංගම්පිටිය ප්‍රදේශයේ වනගත ප්‍රදේශයක කඳු මුදුනක පවත්වාගෙන ගිය කෝටිපතියන්ගේ බූරු පොලක් වැටලීමට වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය අද සමත් විය.
මෙම බූරුපොල වැටලීමට මෙයට පෙර අවස්ථා කිහිපයකදීම විශේෂ පොලිස් කණ්ඩායම් කිහහිපයක් උත්සහ ගෙන ඇතත් හතර වටේම ඔත්තුකරුවන් යොදා මෙම බූරුපොල පවත්වාගෙන යන බැවින් කිසිදු අවස්ථාවක වැටලීමට හැකියාවක් ලැබී නැත.
වලානේ දූෂණ මර්දන බලකායේ නිලධාරීන් 20කට ආසන්න පිරිසකගේ කණ්ඩායමක් අද අලුයම් කාලයේ කිසිවෙකුට හොරොන් කැලෑ මාර්ග ඔස්සේ මෙම බූරු පොල පිහිටි කන්දේ සැඟවී සිට අද සවස මෙම වැටලීම කර තිබේ.
මෙම බූරුපොල දෛනිකව පැවැත්වෙන බවත් සවස 4.00 සිට රාත්‍රී 9.00 පමණ වන තුරු බූරුවා ගැසීම සිදුවන බවත් ඒ ගැන කළ සොයා බැලීම්වලින් අනාවරණය වී ඇත. ඇතැම් දූෂිත පොලිස් නිලධාරීන්ගේද සහය මෙම බූරු පොලට ලැබෙන බවද පෙනී ගොස් තිබේ. මෙතරම් කාලයක් මෙම බූරු පොල වැටලීමට පාදුක්ක පොලීසියට හැකියාවක් ලැබී නැත්තේ ඒ නිසා බව පොලීසිය තුළ කථාබහක්ද පවතී.
මහා රෑ මෙම බූරුපොල පවත්වාගෙන යන්නේ ආරෝපන බැටරි මගින් ක්‍රියාත්මක වන විදුලි බල්බ දල්වාගෙනය.
සුභෝපභෝගී වාහන වල නැගී මෙහි එන කෝටිපති ව්‍යාපාරිකයන් සිය වාහන හල්පේ වත්ත ලෙස හදුන්වන රබර් වත්තේ ගාල්කර කදුමුදුනට කැලෑ මාර්ගයෙන් අතුළු වන බව කියයි. එහෙත් මෑතකදී යම් විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම ස්ථානයට කඩා වැදුනු අවස්ථාවේදී බූරු ගසමින් සිටි පිරිසට ඒ ගැන තොරතුරක් ලැබී වාහන අතහැර පළාගොස් තිබුණි. එම අවස්ථාවේදී එම විශේෂ පොලිස් කණ්ඩායමේ නිලධාරීන් එම වාහනවල ටයර් වල සුළං යවා ගොස් තිබුණු බැවින් ඊට පසු ඔවුන් වාහන මීපේ හංදියේ නතරකර තනි වාහනයකින් මෙම ස්ථානයට පැමිණෙන බවද මධ්‍යම දූෂණ මර්දන බලකායේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත
මෙසේ අද ද මෙහි බූරු ගැසීමට 15 දෙනෙකුගෙන් සමන් විත කණ්ඩායමක් පැමිණ ඇත. ඒ අය බූරුවා ගසමින් සිටියදී කඳු මුදුනේ තැන තැන සැඟවී සිටි පොලිස් නිලධාරීන් එකවරම කඩා වැදී කිසිවෙකුටත් පළායන්නට නොහැකි වන ලෙස වටලා තිබේ.
ඒ අතර මෙම සූදු පොල පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙක්ද සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් ව්‍යාපාරිකයන් බවත් බේකරි නිෂ්පාදන ව්‍යාපාරිකයෙක්, මහ පරිමාණ මාළු ව්‍යාපාරිකයෙක්, වාහන අලෙවි ස්ථානයක් හිමි ව්‍යාපාරිකයෙක්, ඉඩම් අලෙවි කිරීමේ ව්‍යාපාරිකයෙක් වැනි විවිධ ව්‍යාපාරවල නිරත පුද්ගලයන් සිටින බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.
මෙම ව්‍යාපාරිකයන් පාදුක්ක, මීපේ, මීගොඩ කඩවත අතුරුගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
මෙම ව්‍යාපාරිකයන් අතර රුපියල් කෝටි 04ක් බූරුවා ගැසීමෙන් පරාජය වී ඇති අයෙක්ද සිටින බව සඳහන්ය.
මෙම බූරු පොලේ ඔට්ටු ඇල්ලීමට බූරු පිටියට දමා තිබුණු රුපියල් දොලොස් ලක්ෂ අටදහසක මුදලක්ච පොලීසිය සොයාගෙන ඇත. ඊට අමතරව මෙම බූරුපොල පවත්වාගෙන යන ව්‍යාපාරිකයාට තෝන් ලෙස ලැබෙන මුදල බෝතයක දමා තිබී එයද පොලිස් භාරයට ගෙන තිබේ.
වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන බලකකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතා මහතාගේ උපදෙසින් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයැවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක සිරිවර්ධන පොලිස් පරීක්ෂක ජනිත කුමාර, උප පොලිස් පරීක්ෂක සදරුවන් ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම කර තිබේ.