Home උණුසුම් පුවත් ජනපති නිල ධජය සොරාගත් කඩුවෙල නගර සභාවේ හිටපු මන්ත්‍රී රිමාන්ඩ්

ජනපති නිල ධජය සොරාගත් කඩුවෙල නගර සභාවේ හිටපු මන්ත්‍රී රිමාන්ඩ්

0
ජනපති නිල ධජය සොරාගත් කඩුවෙල නගර සභාවේ හිටපු මන්ත්‍රී රිමාන්ඩ්

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඉකුත් ජුලි 09 වෙනිදා කඩා වැදීමෙන් පසු එවකට සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ධජය සොරාගත් කඩුවෙල නගර සභාවේ හිටපු එජාප මන්ත්‍රීවරයෙක්ද වන වරාය ආරක්ෂක නිලධාරීයෙක් ලෙස සේවයේ නිරතව සිටින උදේනි කළුතත්ත්‍රී මහතා අගෝස්තු 05 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අද නියෝග කළේය.

මෙම පුද්ගලයා වරාය අධිකාරයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙසද කටයුතු කර ඇති අයෙකි. එජාපයේ වරාය වෘත්තීය සමිතියේ හිටපු සභාපතිවරයා වන අතර මේ වන විට ඔහු සජබයේ වරාය වෘත්තීය සමිතියේ උපසභාපති ලෙස කටයුතු කරන බව පොලීසිය සඳහන් කරයි.

ජනාධිපති මන්දිරයට කඩා වැදී ජනාධිපතිවරයාගේ නිල ධජය සොරාගත් ඔහු එය වරාය අධිකාරියට රැගෙන ගොස් එහි කාමරයක ඇසකට එලා එහි ඇලවී ප්‍රකාාශයක්ද සමාජ මාධ්‍ය වෙත නිකුත්කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here