තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්QR කේතයට ලියාපදිංචිව ඇති වාහන ලක්ෂ 46න් ලක්ෂ 40ක්ම පෙට්‍රල් වාහන බව...

    QR කේතයට ලියාපදිංචිව ඇති වාහන ලක්ෂ 46න් ලක්ෂ 40ක්ම පෙට්‍රල් වාහන බව හෙළිවේ

    ලබන අගෝස්තු 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන ඉන්ධන කෝටාව ලබා ගැනීමට මේ විට ලියාපදිංචි වී QR කේතය ලබාගෙන ඇති වාහන ගණන 4,604,749 කි.

    මෙම වාහන අතරින් වාහන 4,086,138ක්ම පෙට්‍රල් වාහන බවත් සෙසු වාහන 518,611 ඩීසල් වාහන බවත් විදුලි හා බලශක්ති අමාත්‍යාංශයේ තොරතුරු සඳහන් කළේය. ප්‍රතිශතාත්මකව ගත් විට මෙතෙක් ලියාපදිංචිව ඇති වාහන අතරින් පෙට්‍රල් වාහන සංඛ්‍යාව සියයට 88කට වැඩි ප්‍රමාණයකි.

    වැඩි ම ප්‍රමාණයක් ලියාපදිංචිව සිටින්නේ යතුරු පැදිය. එම ගණන 2,671,238කි. එය මෙතෙක් ලියාපදිංවී ඇති පෙට්‍රල් වාහනවලින් සියයට 65ක ට වැඩි ප්‍රමාණයකි.

    ත්‍රීරෝද රථද 816,268ක් ලියාපදිංචි කර තිබේ. මෙතෙක් ලියාපදිංචිකර ඇති පෙට්‍රල් වාහන අතරින් ත්‍රීරෝද රථ ප්‍රමාණය සියයට 20කට ආසන්න ප්‍රමාණයකි.

    මොටර් රථ කාණ්ඩය යටතේ ලියාපදිංචිකර ඇත්තේ වාහන 652,932කි. QR කේතයට ලියාපදිංචිකර ඇති පෙට්‍රල් වාහන අතරින් මෝටර් රථ ප්‍රමාණය සියයට 15කි.

    අපේ රටේ මේ වන විට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචිව ඇති වාහන සංඛ්‍යාව ලක්ෂ 80කට වැඩිය. එම වාහන අතරින් දැනට මහ මාර්ගවල ලක්ෂ 70ක් පමණ වූ වාහන ප්‍රමාණයක් ධාවනයේ ඇතැයි අපේක්ෂාකරයි. ඒ අනුව පෙනී යන්නේ මෙතෙක් QR කේතයට ඉන්ධන ලබා ගැනීමට ලිඉාපදිංචි නොවූ වාහන ලක්ෂ 24ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් තාමත් ලියාපදිංචිකර නොමැති බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img