Home උණුසුම් පුවත් පස් පොඩ්ඩා එක්ක වෙඩි කෑ අයෙක් මිය යයි

පස් පොඩ්ඩා එක්ක වෙඩි කෑ අයෙක් මිය යයි

0
පස් පොඩ්ඩා එක්ක වෙඩි කෑ අයෙක් මිය යයි

ගම්පහ අධිකණය ආසන්නයේදී පස් පොඩ්ඩා සමඟ වෙඩි ප්‍රහාරයකට ලක්ව ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් අද අලුයම මිය ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ ගම්පහ කොටුගොඩ මදුරුවිට පදිංචිව සිටි බස්නායක අප්පුහාමිලාගේ ගාමිණී පියතිලක තිසේරා නැමැති අයෙකි.

පස් පොඩ්ඩාට වෙඩි ප්‍රහාරය එල්ලවන්නේ ඉකුත් 27 වෙනිදාය. ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු එදින රාත්‍රී කාලයේදී මිය ගියේය.

එම වෙඩි ප්‍රහාරය එල්ලවන්නේ පස් පොඩ්ඩා ගමන් කරමින් සිටි කැබ් රථයටය. පස් පොඩ්ඩා ඇතුළු සිව් දෙනෙක් එහිදී වෙඩි වැදීමටට ලක්විය. ඒ සිව් දෙනාම ගම්පහ රෝහලට ඇතුලත් කරනු ලැබීය. ඔවුන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

මේ වන විට එම ප්‍රහාරයෙන් දෙදෙනෙක් මිය ගොස් ඇති අතර දෙදෙනක් දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here