තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්IMF සාකච්ඡා අඩාල වුණේ තිබූ දේශපාලන අස්ථාවරත්වය නිසයි

    IMF සාකච්ඡා අඩාල වුණේ තිබූ දේශපාලන අස්ථාවරත්වය නිසයි

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතියක් අත්පත් කර ගැනීමට නම් ණය තිරසරභාවය පිළිබඳ විධිමත් සැලැස්මක් ඉදිරිපත් කළයුතුව තිබු නමුත් පසුගිය කාලයේ පැවති දේශපාලන අස්ථාවරත්වය නිසා එය අඩාල වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු නොකරන බවට වූ පසුගිය රජයේ දේශපාලන ප්‍රතිපත්තිය හේතුවෙන් ද එම අඩාලවීමට හේතුපාදක වූ බව එහි දැක්වේ.

    කෙසේවෙතත් රටේ පවතින ආර්ථික අසීරුතාව සමනය කොට යහපත් ආර්ථික පිළිවෙතක් රට තුළ ස්ථාපනය කිරීම සඳහා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ අරමුණින් සිදු කරන සාකච්ඡා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි ද එහි දැක්වේ.

    මේ වන විට සර්වපාක්ෂික ආණ්ඩුකරණයක් සඳහා වන දේශපාලන සාකච්ඡා ද ඉතා සාර්ථක මට්ටමක පවතින බවත්
    ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්නා සාකච්ඡා සාර්ථකව අවසන් කොට මූල්‍ය ස්ථායීතාව ඇතිකිරීම සඳහා අවශ්‍ය පළමු පියවර තැබිය හැකි බවත් රජයේ ස්ථාවරය යැයි ද එහි සඳහන් වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img