තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"දේශපාලන සූදු එපා.. ජනවරමකට අවස්ථාව දෙන්න" - විපක්ෂ නායක

    “දේශපාලන සූදු එපා.. ජනවරමකට අවස්ථාව දෙන්න” – විපක්ෂ නායක

    රටේ ජනතාවට ජීවත් වීම පවා ගැටලුවක් වී ඇති අවස්ථාවක වත්මන් රජය දේශපාලන සූදුවක නිරත බවත් මේ සූදුව තුළ තෙල්, ගෑස්, කිරිපිටි, පොහොර ගැටලුව ආදී සෑම සියලු දෙනාගේම ගැටලුවලට විසඳුමක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    මේ තත්ත්වයෙන් මිදීම සඳහා රටට නව රජයක් අවශ්‍ය බවත් එය පෞද්ගලික ගිවිසුමකින් තොර නව වරමක් තුළ ඇති විය යුතු බවත් එය ජනතා මතවිමසුමකින් සිදු විය යුතු බවත් අද (29) විපක්ෂ නායකවරයා කීය.

    විසඳුම් නොමැති තැන රටට ලබා දෙන පණිවිඩය දේ්ශපාලන සූදුව නොවිය යුතු බවත් මේ දියත්වන දේ්ශපාලන සූදුව මජර දේශපාලන සංස්කෘතියේ ලක්ෂණයක් බවත් හෙතෙම අවධාරණය කළේය.

    ලෝක බැංකුව, ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය මෙන්ම සමන්තා පවර් වැනි විවිධ රාජ්‍ය තාන්ත්‍රිකයන් පැහැදිලිව කියන්නේ රට ගොඩනැගීමට රටේ ස්ථාවරත්වය ශක්තිමත් විය යුතු බවත් එහිදී සාර්ව ආර්ථික රාමුවක් පැවතිය යුතු බවත් මේ රාමුව සකසන්නේ නැතිව රජයේ සාමාජිකයන් පසුගිය මාස කිහිපයේ සිදු කළ දේ සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    මේ තත්ත්වයෙන් රට ගොඩනැගිය හැක්කේ නව ජනවරමකින් පමණක් බව ඔහු පැවසීය. ඒ සඳහා ගෞරවනීය මහානායක හිමිපානන් වහන්සේලා ප්‍රමුඛ අනෙකුත් ආගමික නායකයන් ද ඉල්ලන නව ජනවරමකට යා යුතු බවත් තනතුරු බෙදා ගැනීමෙන් ලක්ෂ 220කගේ දුක් කඳුළු වේදනාවලට විසදුම් නොලැබෙන බවත් හෙතෙම කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img