Home උණුසුම් පුවත් මේ සැකකරුවන් හඳුනාගත්තොත් ඉක්මණින් කියන්න

මේ සැකකරුවන් හඳුනාගත්තොත් ඉක්මණින් කියන්න

0
මේ සැකකරුවන් හඳුනාගත්තොත් ඉක්මණින් කියන්න

නිට්ටඹුව නගරයේදී පසුගිය මැයි 09 වැනිදා (2022.05.09) ඇතිවූ ප්‍රචණ්ඩකාරී හා කළහකාරී සිදුවීම්‌ හේතුවෙන්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු හා ඔහුගේ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස්‌ සැරයන්වරයෙකු හා සිවිල්‌ පුද්ගලයෙකු ඝාතනයට ලක්විමේ සිද්ධිය සම්බන්ධයෙන්‌ මෙතෙක්‌ හඳුනා නොගත්‌ තවත්‌ සැකකරුවන්‌ 08 දෙනෙකු අත්‌අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.

මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින්‌ මේ පිළිබඳ විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.

මෙම සිද්ධියට අදාලව අත්තනගල්ල මහේස්ත්‍රාත්‌ අධිකරණය වෙත කරුණු වාර්තා කර සැකකරුවන්‌ 35 දෙනෙකු මේ වන විට අත්‌අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන්‌ අතරින්‌ බහුතරයක්‌ සී.සී.ටී.වී දර්ශන උපයෝගී කර ගනිමින්‌ සිදු කල හඳුනාගැනීමෙන්‌ පසුව අත්‌අඩංගුවට ගෙන ඇත.

මෙම අපරාධයට සෘජුව සම්බන්ධ වූ බවට සි.සී.ටී.වි දර්ශනවලින්‌ නිරීක්ෂණය වන නවත්‌ සැකකරුවන්‌ 08 දෙනෙකු අත්‌අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බැවින් එම සැකකරුවන්ගේ අනන්‍යතාවය හඳුනාගැනීම සඳහා මොවුන්‌ සම්බන්ධයෙන්‌ යම්‌ තොරතුරක්‌ වෙතොත්‌ පහත දුරකථන අංක වෙත දැනුම්‌ දෙන ලෙස මනුෂ්‍ය ඝාතන භා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය මහජනතාවගෙන්‌ ඉල්ලා සිටියි.

අධ්‍යක්ෂ – 011- 2514217
සහකාර අධ්‍යක්ෂ – 071- 8592868

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here