තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රජ ගෙදරින් අරගලකරුවන්ට හමුවී පොලීසියට භාරදුන් මුදල් සති තුනකට පස්සේ උසාවි ගෙනත්

    රජ ගෙදරින් අරගලකරුවන්ට හමුවී පොලීසියට භාරදුන් මුදල් සති තුනකට පස්සේ උසාවි ගෙනත්

    ජනාධිපති මන්දිරයට අරගලකරුවන් ඇතුළු වීමෙන් පසු එහි කාමරයක අල්මාරියකින් හමුවූ රුපියල් මිලියන 178ක මුදලක් කොටුව පොලිස් ස්ථානයට අරගලකරුනක් පිරිසක් විසින් භාරදෙන්නේ ඉකුත් 09 වෙනිදාමය.

    එම මුදල් සාක්කුවේ දමා ගැනීමට එය හමුවූ පුද්ගලයින්ට අවස්ථාවක් තිබුණත් ඒවා නිසි පරිදි පොලීසියට භාරදීමට පියවර ගත්තේ මුදල් ගණන්කර එය වීඩියෝගත කිරීමෙන් අනතුරුවය.

    එම මුදල් පොලිස් ස්ථානයට රැගෙන ගිය පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේ මහතාට දුරකතන ඇමතුමක් දෙමින් එම මුදල් ඇමතිවරයෙකුට භාරදෙන ලෙසට නියෝගයක් කර තිබුණි. ඒ සම්බන්ධයෙන් සාගර ලියනගේ මහතා සටහන් තබා පොලිස් මූලස්ථානය ද දැනුවත් කිරීමට පියවර ගත්තේය.

    ඒ බව මුලින්ම වාර්තා කරනු ලැබුවේ NewsWaveය. එම මාධ්‍ය වාර්තාව කෙරෙහි පොලිස්පතිවරයාගේ ද විශේෂ අවධානයක් යොමු වී තිබුණි. එහි ඇත්ත නැත්ත සොයා බලන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද දැනුම් දීමක් කර තිබුණි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විශේෂ විමර්ශනයක්ද කර තිබුණි.

    එහෙත් එම මුදල් සම්බන්ධයෙන් සහ එම මුදල් ඇමතිවරයෙකු අතට පත්කරන්නැයි කළ නියෝගය සම්බන්ධයෙන් විමර්ශන පවත්වනවා වෙනුවට මුදල් ගණන් කර පොලීසියට භාරදුන් අරගලයේ තරුණයින් සිව් දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කොටුව අධිකරණයට ඊයේ ඉදිරිපත් කරනු ලැබීය.

    එහිදී මෙම තරුණයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට හේතු පොලීසිය දක්වා තිබුණේ ජනාධිපති මන්දිරයට අයුතු ඇතුල්වීමේ චෝදනාවටය.

    එම චෝදනාව පොලීසිය ඔප්පු කිරීමට යොදා ගනු ලබන්නේ එම තරුණයින් විසින් මුදල් භාරදීමේ සිදුවීමයි.

    ඒ ගැන අධිකරණයේ විශේෂ අවධානයක්ද යොමු විය. මුදල් සොයාගත් අරගලකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබුණත් මුදල් අධිකරණයට එතෙක් ඉදිරිපත් කිරීමට පොලීසිය වගබලාගෙන නොතිබුණි. කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කරනුයේ වහාම එම මුදල් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. ඒ වන විටත් සති තුනක් තිස්සේ මුදල් තිබුණේ පොලීසියේය. අධීකරණයට මේ කාලය තුළ ඒ ගැන කිසිදු වාර්තාවක්ද ඉදිරිපත් කර නොතිබුණි. එසේ අධිකරණයට මුදල් ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම ගැන කොටුව මහේස්ත්‍රාත්වරයා අද වාර්තාවක්ද කැදවනු ලැබීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img