Home උණුසුම් පුවත් ජනපති -අගමැති -මැතිඇමතිවරුන්ගේ ආරක්ෂාවට අලුතින් පොලිස් ලොක්කෝ පත්කරති

ජනපති -අගමැති -මැතිඇමතිවරුන්ගේ ආරක්ෂාවට අලුතින් පොලිස් ලොක්කෝ පත්කරති

0
ජනපති -අගමැති -මැතිඇමතිවරුන්ගේ  ආරක්ෂාවට අලුතින් පොලිස් ලොක්කෝ පත්කරති

ජනපති, අගමැති සහ ඇමති ආරක්ෂක අංශවල අධ්‍යක්ෂධුරවලට නව පොලිස් ප්‍රධානීන් පත්කර තිබේ.

ඒ අනුව පොලිස් නාවික කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.එස්.පී.ද සිල්වා මහතා අගමැති ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂක ලෙස පත්කර ඇත.

මෙතෙක් අගමැති ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එන්.ජමල්ඩීන් මහතා ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂක ලෙස පත්කර තිබේ.

මෙයට අමතරව ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ මෙතෙක් ආරක්ෂක අංශ ප්‍රධානී ලෙස සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.බී.ටී. ජයලත් මහතා ඇමති ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂක ලෙසත් පත්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here