Home උණුසුම් පුවත් තමන් පැහැරගත් බවට බොරු කළ ගුවන් හමුදා කෝප්‍රල්ට නීතිය ක්‍රියාත්මකයි – ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක

තමන් පැහැරගත් බවට බොරු කළ ගුවන් හමුදා කෝප්‍රල්ට නීතිය ක්‍රියාත්මකයි – ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක

තමන් පැහැරගත් බවට බොරු කළ ගුවන් හමුදා කෝප්‍රල්ට නීතිය ක්‍රියාත්මකයි – ගුවන් හමුදා  මාධ්‍ය ප්‍රකාශක

"ගුවන් හමුදා භටයෙක් නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් පහරදෙයි" යනුවෙන් සමාජ මාධ්‍යයන්හි පළ වූ පුවත් පිළිබඳ කළ සොයා බැලීමේදී අදාළ ක්‍රෝප්‍රල්වරයා විසින්ම මෙම ව්‍යාජ පුවත සමාජගත කිරීමට උතසාහකර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ පවසයි.

සිද්දිය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ගුවන් හමුදාව නිකුත් කළ නිවේදනය මෙසේය.

ශ‍්‍රි‍්‍ර ලංකා ගුවන් හමුදා මඩකළපු කඳවුරට අනුයුක්තව සේවය කරනු ලැබු කෝප‍්‍රල් රත්නසූරිය එමි.වයි.ජී.ආර්.එමි.එල්.පී. යන අය වාලචිචේන, රිදීතැන්න ප‍්‍රදේශයේ ගසක බැඳ සිටියදී ඊයේ (2022 ජුලි මස 28) දින උදෑසන ප‍්‍රදේශවාසීන් විසින් දැක වාලචිවේන පොලිසියට දැනුමි දීමෙන් පසු රෝහල් ගතකරන ලදී. එම ස්ථානයේ තිබී දමිළ භාෂාවෙන් ලියන ලද පුවරුවක් ද පොලිසිය මගින් සොයාගත් අතර එම පුවරුවේ "කෲර දේශපාලනයට උදවිකරන ගැත්තන් මේ විදියට තමයි මරණයට පත්කරන්නේ" යනුවෙන් සටහන් කර තිබිණි.

පසුව මේ පිළිබඳ වාලචිචේන පොලිසිය මගින් විමර්ශනයක් ආරමිභ කළ අතර එහි දි ඔහු විසින් පවසා ඇත්තේ නිවාඩු ගොස් ආපසු එමින් සිටියදී තමාව වෑන් රථයකින් පැහැරගෙන ගොස් අත් පා ගැට ගසා ගසක බැඳ පහර දී මරා දමන්නට උත්සාහ කළ බවයි. මෙහිදි ඔහු විසින් ලබාදුන් ප‍්‍රකාශය සහ කරුණු සොයා බැලීමේදී හෙලි වූ තොරතුරු වල තිබූ පරස්පර විරෝධීභාවය හේතුවෙන් සහ ඔහු අසල තිබු දමිළ භාෂාවෙන් ලියූ පුවරුව පිළිබඳ සැකයක් මතු වීම හේතුවෙන්ද ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කරනු ලැබූ පොලිස් නිලධාරීන් හට එය ලියා ඇත්තේ දෙමළ භාෂාව සමිබන්ධ පරිචයක් නොමැති පුද්ගලයෙකු බව වැටහී ගොස් ඇති අතර ඒ ඔස්සේ විමර්ශනය ඉදිරියට කරගෙන යාමේදී මෙම ක‍්‍රියාව ඔහු විසින්ම සිදු කර ඇති බවට පිළිගෙන ඇත.

මෙම ගුවන් හමුදා කෝප‍්‍රල්වරයා අන්තර්ජාල පරිගණක සූදු ක‍්‍රීඩාවට දැඩිලෙස ඇබ්බැහි වී සිට ඇති අතර ඔහු ඒ සඳහා යෙදවීමට තම කඳවුරේ සහෝදර ගුවන් භටයින්ගෙන් මුදල් ලබාගෙන ඇත. නැවත එම මුදල් ලබා දීමට අපොහොසත් වීම නිසා පළමුව සියදිවි නසා ගැනීමට අදහස් කර තිබූ බව ඔහු ලබා දුන් ප‍්‍රකාශයේ සඳහන්ව ඇත. එහෙත් එහිදි තමන් සියදිවි නසා ගතහොත් ගුවන් හමුදාවෙන් තම බිරිඳට ලැබෙන දීමනා නොලැබෙන බැවින් ඔහු මෙම ක‍්‍රියාව සැලසුම් කොට ඇත.

මේ වන විට මෙම කෝප‍්‍රල්වරයා වාලචිචේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හෙට දින වාලචිචේන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙම ක‍්‍රියාව සඳහා ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ හෝ වෙනත් කිසියමි පාර්ශ්වයක කිසිඳු සමිබන්ධයක් නොමැති අතර මෙම සමිපුර්ණ ක‍්‍රියාවලිය මෙම කෝප‍්‍රල්වරයා විසින් ඔහුගේ අභිමතය පරිදි සිදු කර ඇත. මෙහිදි ශ‍්‍රි ලංකා ගුවන් හමුදා ප‍්‍රතිරූපයට සිදුවු හානිය වෙනුවෙන් මෙම කෝප‍්‍රල්වරයා හට ගුවන් හමුදා නීතියට අනුව පොලිස් විමර්ශන අවසානයේදී නීත්‍යානුකූලව කටයුතු කිරිමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here