Home special ෆේස්බුක් කඩාවැටෙයි

ෆේස්බුක් කඩාවැටෙයි

0
ෆේස්බුක් කඩාවැටෙයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට ලොව ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය වේබ් අඩවියක් වන ෆේස්බුක් හී අදායාම පහළ ගොස් තිබේ.

ඒ අනුව ඊයේ (27) ෆේස් බුක් හී හිමිකාරිත්වය දරන මෙටා සමාගම විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තා වලට අනුව මෙම වසරේ දෙවන කාර්තුවේ ලාභය ඉකුත් වසරේ දෙවන කාර්තුවට සාපෙක්ෂව පහළ ගොස් ඇත.

මෙටා සමාගම විසින් මෙම වසරේ ජුනි 30 වැනිදායින් අවසන් වූ දෙවන කාර්තුවේදී ඇමරිකානු ඩොලර් බිලියන 28.8 ක ආදායමක් ලබාගෙන තිබූ අතර ඉකුත් වසරේ එම කාලයේදීම මෙටා සමාගම විසින් ඇමරිකානු ඩොලර් බිලියන 29.1ක ආදායකමක් උපහාගෙන තිබේ.

මෙම ආදායම් අඩුවීම සියය 1ක අගයක් වුවද එය මෙටා සමාගමේ කොටස් මිලට විශාල බලපෑමක් කිරීමට සමත්ව ඇති බව වොල් ස්ට්‍රීට් දත්ත වාර්තා පෙන්වා දෙයි.

උදග්තවී ඇති තත්ත්වය හමුවේ මෙටා සමාගම විසින් මෙම වසරේ තෙවන කාර්තුව වෙනුවෙන් මීට පෙර පුරෝකථනය කළ ආදායම පහත හෙලීමටද පියවර ගෙන තිබේ. ඒ අනුව මීට පෙර මෙටා සමාගම විසින් මෙම වසරේ තෙවන කාර්තුව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 30.52ක අදායමක් අපේක්ෂා කළද එම අගය මේවන විට ඇමරිකානු ඩොලර් බිලියන 26ත් 28.5ත් අතර අගයක් දක්වා පහත දමා තිබේ.

ඒ අනුව මෙටා සමාගම විසින් සිය අපෙක්ෂිත ආදායම් පහළ දැමීම සමාගමේ ඉදිරි ගමන පිළිබඳ යම් අවාදනමක් නිර්මාණය කළ හැකි බවද විශේලේෂකයින් පේනවා දෙයි. කෙසේ වෙතත් පසුගිය කාලයේදී ෆෙස් බුක් සමාගමේ දෛනික සක්‍රීය පරිශීඛයින් සංඛ්‍යාවද ඉතිහිසයේ පළමුවරට පහළ ගොස් තිබිණි.

මීට මූලික හේතුව වී ඇත්තේ මේවන විට ලොව පුර තරුණ පිරිස් අතර ටික්ටොක් සමාජ මාධ්‍ය ඉතා සීඝ්‍රයෙන් ප්‍රචලිත වීමයි. මේවන විට ලොව සීඝ්‍රයෙන්ම වර්ධනය වන සමාජ මාධ්‍ය වන්නේද ටික් ටොක් වන අතර එහි දෛනික සක්‍රීය පරිශීලකයින් සංඛ්‍යාවද ඉහළ ගොස් තිබේ.

මෙම තත්ත්වයට පිලියමක් ලෙස මෙටා සමාගම විසින් ෆේස් බුක් වෙත කෙටි වීඩියෝ පළ කළ හැකි රීල් උපාංගය හදුන්වා දුන්නද ඊට අපෙක්ෂිත ධනාත්මක ප්‍රතිචාරයක් හිමිව නොමැති වීමද විශේෂත්වයකි.

ෆෙස් බුක් හා ටික් ටොක් සැසදීමේදී බුද්ධිමය දේපල සම්බන්ධයෙන් ටික්ටොක් හී දැඩි නීති ක්‍රියත්මක නොවන අතර එබැවින් තවත් අයෙකුගේ නිර්මාණ පහසුවෙන් යොදාගෙන තමන්ට වීඩියෝවක් නිර්මාණය කිරීමට පහසුවක් හිමිවේ. එහෙත් ෆේස්බුක් හී ඊට සාපෙක්ෂව දැඩි නීති ක්‍රියාත්මක වේ.

ඒ අනුව මෙම සාධක සැසදීමේදී ෆේස් බුක් හට දැඩි තරඟකාරිත්වයකට මුහුණ දීමට සිදුව ඇති අතර එහිදී එහ වෙබ් අඩවිිය මූලික කරගත් ඇමරිකාව තුල පරිශිලකයින්ගේ සීඝ්‍ර පහළ යෑමක් පසුගිය කාලයේදී දක්නට ලැබිණි. මෙම තත්ත්වය හමුවේ මේවන විට ෆේස් බුක් හී වැඩිම සක්‍රීය පරිශීලකයින් පිරිසක් සිටිනුයේ ඉන්දියාවේ වීමද විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here