Home උණුසුම් පුවත් පාකිස්තානයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය ජය ශ්‍රී ලංකාවට

පාකිස්තානයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය ජය ශ්‍රී ලංකාවට

පාකිස්තානයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය ජය  ශ්‍රී ලංකාවට

පාකිස්තානය සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 246 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(28) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 508 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානු කණ්ඩායම දෙවැනි ඉනිම ලකුණු 261 කට සීමා කිරීමට ශ්‍රී ලංකා දඟ පන්දු යුගලය සමත්වූහ.

බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් අතර තෙවැනි කඩුල්ලට ගොඩ නැගූ ලකුණු 79 ක සම්බන්ධතාව හැරුණු කොට එකම පාකිස්තානු පිතිකරුවකුට ස්ථාවර වීමට නොහැකි විය.

මෙම ටෙස්ට් තරගයේ පාකිස්තානු පිලේ දැවී ගිය කඩුලු 20 න් 17 ක්ම රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය විසින් දවා ගැනීම කැපී පෙනෙයි.

ශ්‍රී ලංකාවේ නවතම දඟ පන්දු‌ සොයා ගැනීම වන ප්‍රභාත් ජයසූරිය ලකුණු 117 කට කඩුලු 5 ක් ද පළමු ඉනිමේදීි කඩුලු 5 ක් දවා ගත් රමේෂ් මෙන්ඩිස් ලකුණු 101 කට කඩුලු 4 ක් ද දවාලූහ. ජයසූරියගේ දක්ෂතාවය සටහන් වූයේ ඉනිම 6 ක් තුළ කඩුලු 5 කට වඩා දවා ගන්නා ලද සිව්වැනි අවස්ථාව ලෙසින් බව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කරයි.

පාකිස්තානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක බාබර් අසාම් වන අතර ඔහු පන්දු 146 කදී ලකුණු 81 ක් ලබා ගත්තේය.

මෙම තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගැනීමත් සමග තරග 2 කින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් කර ගැනීමට අවස්ථාව උදාවිය. තරගයේ වීරයා ලෙස දෙවැනි ඉනිමේදී ලකුනු 109 ක් වාර්තා කළ ධනංජය ද සිල්වා සම්මාන දිනා ගනිද්දී තරගාවලීයේ වීරයා ලෙසින් ප්‍රභාත් ජයසූරිය සම්මාන දිනා ගත්තේය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 103 කදී සියලු දෙනා දැවී ලකුණු 378 යි – (ඕෂධ ප්‍රනාන්දු 50, දිමුත් කරුණාරත්න 40, කුසල් මෙන්ඩිස් 03, ඇන්ජලෝ මැතිව්ස් 42, දිනේෂ් චන්දිමාල් 80, ධනංජය ද සිල්වා 33, නිරෝෂන් දික්වැල්ල 51, දුනිත් වෙල්ලාලගේ 11, රමේෂ් මෙන්ඩිස් 35, ප්‍රභාත් ජයසූරිය 08, අසිත ප්‍රනාන්දු (නොදැවී) 04, නසීම් ෂා 58/3, යසීර් ෂා 83/3, මොහොමඩ් නවාස් 80/2, නවුමන් අලී 64/1)

පාකිස්තානය පන්දුවාර 88.1 කදී සියලු දෙනා දැවී ලකුණු 231 යි – (අබ්දුල්ලා ශෆීක් 00, ඉමාම් උල් හක් 32, බාබර් අසාම් 16, මොහොමඩ් රිස්වාන් 24, ෆාවාඩ් අලාම් 24, අඝා සල්මාන් 62, මොහොමඩ් නවාස් 12, යසීර් ෂා 26, හසන් අලී 21, නවුමන් අලී 01, නසීම් ෂා (නොදැවී) 04, රමේෂ් මෙන්ඩිස් 47/5, ප්‍රභාත් ජයසූරිය 80/3, අසිත ප්‍රනාන්දු 62/1, ධනංජය ද සිල්වා 15/1)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 91.5 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 360 යි – (නිරෝෂන් දික්වැල්ල 15, ඔෂධ ප්‍රනාන්දු 19, කුසල් මෙන්ඩිස් 15, අන්ජලෝ මැතිව්ස් 35, දිනේෂ් චන්දිමාල් 21, දිමුත් කරුණාරත්න 61, ධනංජය ද සිල්වා 109, රමේෂ් මෙන්ඩිස් (නොදැවී) 45, නසීම් ෂා 44/2, යසීර් ෂා 80/1, මොහොමඩ් නවාස් 75/2, අඝා සල්මාන් 41/1, නවුමන් අලී 54/1)

පාකිස්තානය දෙවැනි ඉනිම පන්දුවාර 77 කදී සියලු දෙනා දැවී ලකුණු 261 යි – (අබ්දුල්ලා ශෆීක් 16, ඉමාම් උල් හක් 49, බාබර් අසාම් 81, මොහොමඩ් රිස්වාන් 37, ෆාවඩ් අලාම් 01, අඝා සල්මාන් 04, මොහොමඩ් නවාස් 12, යසීර් ෂා 27, හසන් අලී 11, නවුමන් අලී (නොදැවී) 00, නසීම් ෂා 18, ප්‍රභාත් ජයසූරිය 117/5, ර‌මේෂ් මෙන්ඩිස් 101/4)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here