තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන සතියේ පාසල් පැවැත්වීම ගැන තීන්දුව ගන්න දවස

    ලබන සතියේ පාසල් පැවැත්වීම ගැන තීන්දුව ගන්න දවස

    ඉදිරි සතියේ පාසල් පැවැත්වෙන ආකාරය පිළිබඳ ලබන සෙනසුරාදා දිනයේ පැවැත්වෙන සාකච්ඡාවකදී තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

    ළමුන් හා ගුරුවරුන් මුහුණ දී ඇති ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මේ වනවිට පාසල් පැවැත්වෙන්නේ සතියකට දින 3 ක් පමණි.

    ඒ අනුව දැනට පවතින ප්‍රවාහන අපහසුතා හා පාසල් බස් රථ ගාස්තු ඉහළ යාමට විසඳුමක් ලෙස ලබන පළමු වැනිදා සිට පාසල් සිසුන් සඳහා පෞද්ගලික බස් රථ යොදා ගනිමින් නව බස් සේවාවක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    සෑම පාසලක්ම අවරණය වන පරිදි පාසල ආරම්භ වන වේලාව හා අවසන් වන වේලාව ඉලක්ක කර ගනිමින් මෙම බස් රථ යෙදවීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය. 

    පාසල් සිසුන් ප්‍රවාහනය කරන එම බස් රථ සඳහා ලංගම ඩිපෝ හරහා ඉන්ධන නිකුත් කෙරෙනු ඇති. 

    මීට අමතරව සිසු සැරිය බස් සේවාව ද විධිමත් කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img