තවත්
    මුල් පිටුවspecialරුසියාව යුරෝපයට ගෑස් සැපයීම සීමාකිරීම ආර්ථික අර්බුදයකට පාර කපයි

    රුසියාව යුරෝපයට ගෑස් සැපයීම සීමාකිරීම ආර්ථික අර්බුදයකට පාර කපයි

    රුසියාව විසින් යුරෝපයට සපයනු ලබන ගෑස් තවදුරටත් සීමා කිරීමට අද දිනයේදී තීරණය කර ඇත.

    ඒ අනුව මේවන විට රුසියාවේ සිට යුරෝපයට ප්‍රධාන නල මාර්ගයක් හරහා ගලා යන ස්වාභාවික වායු ප්‍රමාණය ධාරිතාවෙන් 20% දක්වා අඩකින් අඩු කර ඇති බවට අනාවරණය වේ.

    රුසියාවේ සිට යුරෝපයට ගැස් සැපයීම කරනු ලබන ප්‍රධාන නල මර්ගයක් වන නොර්ඩ් ස්ට්‍රීම් නල මර්ගය ඔස්සේ සපයනු ලබන ගෑස් මෙලෙස සීමා කිරීම සිදුකර ඇත. රුසියාව පවසන අන්දමට මෙලෙස ගෑස් සැපයීම සීමා කිරීමට සිදුව ඇත්තේ නල මාර්ගයේ ඇති වූ තාක්ෂණික ගැටලුවකි.

    කෙසේ වෙතත් යුරෝපීය රටවල් පවස්නේ අන්දමට රුසියාවේ මෙම තීරණය හුදෙක් යුක්‍රේන යුද ගැටුම් සම්බන්ධයෙන් යුරෝපය දරන මතය මත පදනම්ව ගත් තීරණයක් බවයි.

    මෙම නොර්ඩ් ස්ට්‍රීම් නල පද්ධිතය ඔස්සේ යුරෝපයේ විශාලම ආර්ථිකය වන ජර්මනියට විශාල වශයේ ගෑස් සැපයීම කරයි. එම නල මර්ගයෙන් සපයනු ලබන ගෑස් ජර්මනියේ කර්මාන්ත ශාලා නිවාස වලට බලශක්තිය සැපයීමට යොදා ගැනීම සිදුකරයි.

    ඒ අනුව මෙලෙස ගෑස් සැපයීම සීමා කිරීමට ජර්මානු ආර්ථිකටය සෘජුව බලපෑමක් සිදුකිරීමට හේතුවී ඇති බවද වාර්තාවේ. එමෙන්ම මෙලෙස ගෑස් සැපයීම සීමා කිරීමත් සමඟම ඉන්ධන මිලද ඉහළගොස් තිබේ.

    මෙම තත්ත්වය සමස්ථ යුරෝපා ආර්ථිකයටම බලපා ඇති අතර එය යුරෝපයේ උද්ධමන තත්ත්වයත් ඇති කිරීමටද හේතුවී ඇත.

    දත්ත වාර්තා පේනවන ආකාරයට යුරෝපයේ ගෑස් මිල ඉකුත් වසරේ මෙම කාලය සාපෙක්ෂව හයගුණයකින් ඉහළ ගොස් ඇත. මෙය යුරෝපා ආර්ථිකයට යම් ආකාරයකින් දරා ගැනීමට නොහැකි තත්ත්වයකට වර්ධනය වී ඇති බවද වාර්තාවේ.

    මෙම තත්ත්ව මත යුරෝපා සංගමයේ රාජ්‍යන් විසින් ඊයේ (26) දිනයේදී ගෑස් පරිභෝජනය සීමා කිරීමටද තීරණය කර ඇත.

    කෙසේ වෙතත් ඉදරියේදී යුරෝපා කලාපයට බලපාන ශීත කාලගුණයත් සමගම මෙලෙස ගෑස් සැපයීම සීමා වීම දැඩි අභියෝගයක් නිර්මාණය කිරීමට ඉඩ පවතින බව වාර්තාවේ.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img