Home උණුසුම් පුවත් අම්බලන්ගොඩ මළ ගෙදරකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් අයෙක් මරුට

අම්බලන්ගොඩ මළ ගෙදරකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් අයෙක් මරුට

0
අම්බලන්ගොඩ මළ ගෙදරකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් අයෙක් මරුට

අම්බන්ගොඩ ප්‍රදේශයේ මළ ගෙදරකට මෙයට සුළු මොහොතකට යතුරු පැදියකින් කඩා වැදුණු සන්නද්ධ පුද්ගලයෙක් කළ වෙඩි තැබීමකින් එක් අයෙක් මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා ඇත.

මෙම ප්‍රහාරය ඊයේ දහවල් අම්බලන්ගොඩ ඌරවත්තේදී වසන්ත ද සොයියා නැමැත්තා ඝාතනයට පළි ගැනීමක් ලෙස සිදුවූවක් බව පොලිසියට පෙනී ගොස් තිබේ.

අධිකරණයේ විභාගවන නඩුවක් සඳහා පෙනී සිට නිවස බලා ගමන් කරමින් සිටියදී ඊයේ එම වෙඩි ප්‍රහාරයට ලක්ය ඔහු මරුමුවට පත්විය. බූරු අජිත් නැමැති අයෙකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙක් එසේ ඝාතනය වී තිබුණි. වසන් ද සොයිසා නැමැත්තා ඝාතනය වන්නේද බූරු අජිත් නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් වූ නඩුවට පෙනී සිට යන අතර තුරදීය.

වසන්ත ද සොයිසාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසියේ සැකය එල්ලවී තිබුණේ සුජිත් නැමැති පුද්ගලයෙකු කෙරෙහිිය. මළ ගෙදරදී ඝාතනය වන්නේ එම සැකකරුගේ සහෝදරයා බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here