Home උණුසුම් පුවත් මේ අය ගැන දන්නවා නම් වහාම කියන්න – පොලීසිය ඉල්ලයි

මේ අය ගැන දන්නවා නම් වහාම කියන්න – පොලීසිය ඉල්ලයි

0
මේ අය ගැන දන්නවා නම් වහාම කියන්න – පොලීසිය ඉල්ලයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට අයුතු ලෙස ඇතුලු වී දේපලවලට හානි කොට ගිනිතැබීම සම්බන්ධව සැකකරුවන් හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.

පසුගිය 09 වන දින ඇති වූ කළහකාරී හා ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලදී කළහකාරී පිරිස් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අංක 119, පස්වන පටුමග, කොළඹ 03 ලිපිනයේ පිහිටි පුද්ගලික නිවසට රාත්‍රී කාලයේ අයුතු ලෙස ඇතුළු වී පහර දී ,ගින්නෙන් හානි කර, දේපල විනාශ කර තිබුණි.

ඒ සම්බන්ධව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කරගෙන යනු ලබයි.

මෙම සිදුවීමට අදාලව ලබාගත් සමීප ආවේක්ෂණ දර්ශන හා විමර්ශනයට අදාලව ලබාගත් විඩියෝ දර්ශන ඇසුරින් මෙම හානි සිදු කිරීමට සම්බන්ධ ප්‍රධාන ක්‍රියාකාරීන් ලෙස හඳුනාගත් පුද්ගලයන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම්වලට අවශ්‍යව ඇත.

ඒ අනුව, නිවැරදි අපරාධකරුවන් හඳුනාගනිමින් අවශ්‍ය නෛතික පියවර ගැනීම සඳහා මීට අදාළ ඡායාරූප 14 ක් මේ පහතින් දක්වා තිබේ.

මෙම ඡායාරූපවල සිටින පුද්ගලයින් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් WhatsApp මඟින් හෝ ඇමතුම් මගින් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුරකථන අංකය – 071-8594950 – 071-8594929 – 011-2422176

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here