විධායක කාරක සභාව ක්‍රමය වහාම ඇතිකිරීමට ආණ්ඩුව කටයුතු කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
දිනේෂ් ගුණවර්ධන මහතා අගමැති ධුරයට පත්වීමෙන් පසුව මැතිසබය අමතා අද කරන ලද පළමු කතාවේදී ඔහු මේ බව කීය.
ඒ සඳහා අවශ්‍ය කෙටුම්පතක් සකස් කිරිමට ද පියවර ගන්නා බව අගමැතිවරයා සඳහන් කරයි.
විධායක කාරක සභාවක් ඇතිකිරීම මගින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන් නියෝජනය කාරක සභාවේ කටයුතු කිරීමට හැකිවීම මගින් ජාතික වශයෙන් සිදුකළ යුතු කටයුතු, අණපනත් සියලු දෙනාගේ එකඟතාවයෙන් කළ හැකිවනු ඇති බව ද හෙතෙම කීය.
නිදහස් අධ්‍යාපන පනත ද විධායක කාරක සභාවකින් ඇතිවූවක් බව අගමැතිවරයා සඳහන් කළේය.
1931 වසරේදී සර්වජන ඡන්දය ගෙන ආ අවස්ථාවේදී මෙලෙස විධායක කාරක සභාවක් ඇති කරන ලද එමගින් ඇති කරන ලද නීති අදටත් නොවනස්ව ක්‍රියාත්මක වන බවත් එම ක්‍රමය ඉතාම සාර්ථක බවත් අගමැතිවරයා කීය.
මෙම ක්‍රමය එතරම්ම සාර්ථක වූ බව අගමැතිවරයා සිහිපත් කළේය.
“රජය මහජන විරෝධතාවන්ට සවන් දෙන්න සූදානම්. ප්‍රජාතන්තවාදී විරෝධයන්ට සවන්දෙන්න සූදානම්. නමුත් ත්‍රස්තවාදීව කටයුතු කරන්න ඉඩදෙන්න බැහැ.” යැයි ද අගමැතිවරයා එහිදී කීය.