Home උණුසුම් පුවත් ගුරුන්-සිසුන් වෙනුවෙන් ‘පාසල් සේවා’ බස් රථ ලබන සඳුදා සිට

ගුරුන්-සිසුන් වෙනුවෙන් ‘පාසල් සේවා’ බස් රථ ලබන සඳුදා සිට

ගුරුන්-සිසුන් වෙනුවෙන් ‘පාසල් සේවා’ බස් රථ ලබන සඳුදා සිට

ගුරුවරුන් සහ පාසල් සිසුන් වෙනුවෙන් ‘පාසල් සේවාව’ නමින් නව පෞද්ගලික බස් රථ සේවාවක් ලබන මස 01වනදා සිට ආරම්භ කෙරේ.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ දරුවන්ට අපහසුවකින් තොරව පාසල් පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් විධිමත්ව සැපයීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද දින (26) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි.

බස් නාම පුවරුවල අදාළ පාසල් නාමයන් සඳහන් කරමින් දෛනික ගමන්වාර දෙකක් වශයෙන් මෙම බස් රථ ධාවනයට යෙදවේ.

පෞද්ගලික බස්රථ ධාවකයන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මෙම බස් රථ ලබා දීමට එකඟ වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අගෝස්තු 01 දා සිට ගුරු සිසු දෙපිරිසටම මුදල් ගෙවා අපහසුවකින් තොරව මෙම ප්‍රවාහන සේවය සලසාගත හැකි ය.

මෙහි දී පාසල් වෑන් හා බස් රථ සඳහා ආසන්නම ඩිපෝ මගින් අවහිරයකින් තොරව නියමිත ක්‍රමවේදයකට අනුව ඉන්ධන ලබා දීමටත් ඊට අවශ්‍ය පහසුකම් සැපයීමටත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ගමනාගමන මණ්ඩලය එකඟතාව පළ කර ඇත.

ඒ අනුව සතියට දින දෙකක් (බදාදා සහ සෙනසුරාදා) ඩිපෝ මගින් අවශ්‍ය ප්‍රමාණයට නිසි කළමනාකරණයක් යටතේ ඉන්ධන නිකුත් කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here