Home උණුසුම් පුවත් ලබන මාසේ අයවැයක්

ලබන මාසේ අයවැයක්

ලබන මාසේ අයවැයක්

ලබන මාසයේදී සංශෝධිත අයවැයක් ඉදිරිපත් කෙරෙන බව රජය පවසයි. ඒ ඉදිරි මාස කිහිපය සඳහා යි.

අමාත්‍යංශවල අයවැය ප්‍රතිශෝධනය කර සංඛ්‍යා කටයුතු ද අවසන් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීය.

රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා සර්වපාක්ෂික එකගතාවක් අත්‍යවශ්‍ය බැවින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු වෙමින් පවතින බව ද හෙතෙම කියාසිටී.

මාධ්‍ය ක්‍ෂේත්‍රයේ යම් වෙනස්කම් සඳහා ද අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කෙරෙන බව ද සඳහන් ය.

පාර්ලිමේන්තුව ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට විෂය භාර අමාත්‍යවරුන් විසින්ම පිළිතුරු සැපයිය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

රටේ දේශපාලන හා සමාජ ආර්ථික අර්බුද පිළිබඳව ද කැබිනට් මණ්ඩලයේදිී දීර්ඝව සාකච්ඡා කෙරුනු බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.

අඛණ්ඩව ඉන්ධන සැපයීම තහවුරු කිරීම සඳහා උපදේශන කමිටුවක් පත් තිබෙන අතර මේ මාසය අවසන් වනවිට ගෑස් පෝලිම් නිමා වනු ඇත.

කේත ක්‍රමයට ඉන්ධන ලබාදීමේ විද්‍යුත් වැඩසටහනද සඳහා ලක්ෂ 40 ක් දැනටමත් ලියාපදිංචි වී ඇතැයි ද ඔහු කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here