තවත්
    මුල් පිටුවදේශීය පුවත්දුරකතන යෙදවුමකින් ත්‍රී රෝද රථවලට නියාමන යක්

    දුරකතන යෙදවුමකින් ත්‍රී රෝද රථවලට නියාමන යක්

    ශ්‍රී ලංකාවේ කුළී ගමන් සදහා යොදා ගන්නා සියළුම ත්‍රී රෝද රථ ජංගම දුරකතන යෙදවුමක් (ඇප්) මගින් නියාමනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භකර තිබේ.

    එහි සමාරම්භක අවස්ථාව හෙට (23) මහනුවරින් ආරම්භවීමට නියමිතය.

    කුළි ගමන් සදහා යොදා ගන්නා ත්‍රී රෝද රථ, එහි හිමිකරු සහ රියදුරුගේ දත්තයන් ජංගම යෙදවුමට ඇතුලත්කර එම ත්‍රී රෝද රථවලට QR කේතයක් නිකුත් කිරීමට නියමිතය. මහ මග රැදී සිටින පොලිස් නිලධාරියෙක්ට යම් ත්‍රී රෝද රථයක් සම්බන්ධයෙන් සැකයක් ඇතිවූ විට ත්‍රී රෝද රථයේ අලවා ඇති

    QR කේතය ඔස්සේ ඒ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට මේ තුළින් හැකියාව ලැබේ.

    “ ත්‍රී රෝද රථයක් සොරා ගැනීමකට ලක්වූ විට ඒ ගැන ළගම පොලිස් ස්ථානයට හෝ පොලිස් නිලධාරියෙකුට දැනුම් දුන් විට කේත අංකයට අනුව ඒ ගැන ජංගම දුරකතන යෙදවුමට ඇතුළුකරන්න පුළුවන්. එවිට මහ මග රැදී සිටින පොලිස් නිලධාරීන්ගේ ජංගම දුරකථනවලට ඒ සැණින් එම සොරකම ගැන තොරතුරු ලැබෙනවා. සොරාගත් ත්‍රී රෝද රථයේ සියළු විස්තර සමග. ඒ නිසා ත්‍රී රෝද රථයක් සොරාගත්තත් එය රැගෙන යන්නට සොරුන්ට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි ත්‍රී රෝද රථ භාවිතා කරන මගීන්ටත් මේ තුළින් වාසි රැසක් ලැබෙනවා. සමහර විට මගීන්ගේ වටිනාකියන දෙයක් අමතකවීමකින් ත්‍රී රෝධ රථයක දමාගොස් තිබුනොත් එම ත්‍රී රෝද රථයේ අංකයක් දෙකක් මකයේ ඇත්නම් එම අංකය මෙම ඇප් එකට ඇතුලත්කර ත්‍රී රෝද රථය හදුනා ගැනීමට හැකියාව තිබෙනවා.“ යැයි මෙම ව්‍යෘපෘතියේ මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක මහතා සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img