
රුසියානු ජනාධිපති වැලැදිමිර් පූටින් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක්කරමින් පණිවුඩයක් නිකුත් කර තිබේ.
මෙරට රුසියානු තානාපති කාර්යාලය වෙත ඊයේ සවස රුසියානු භාෂාවෙන් එවා තිබු එම සුබ පැතුම් පණිවුඩයේ ඉංගිරිසි පරිවර්තනය අද උදෑසන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇත.
මෙයට පෙර චීන ජනාධිපතිවරයා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක්කරමින් පණිවුඩ නිකුත් කළ අතර අමෙරිකාව සහ බටහිර රටවල් මෙන්ම අසල්වැසි ඉන්දියාව ඇතුළු රටවල්වල රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සුබ පැතුම් යොමු කර ඇති බව පළ නොවිණි.
රුසියානු ජනාධිපති වැලැදිමිර් පූටින් මහතා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩය මෙසේය.