Home උණුසුම් පුවත් තෙල් බෑමේ ජවාරම් රට පුරා

තෙල් බෑමේ ජවාරම් රට පුරා

තෙල් බෑමේ ජවාරම් රට පුරා

වාහනයේ අග අංකයට ඉන්ධන නිකුත් කිරීම රජය නියමිත පරිදි ක්‍රියාත්මක කළද බොහෝ පිරිසක් ව්‍යාජ ලෙස තෙල් ගබඩා කිරීමට යාමෙන් අත්‍යවශ්‍ය බොහෝ දෙනෙකුට ඉන්ධන නොලැබී යන තත්ත්වයක් උද්ගතව ඇත.

ඇතැම් වාහන හිමියන් තමන්ගේ වාරය උදා කර ගැනීමෙන් අනතුරුව තවත් වතාවක් ඉන්ධන පෝලිම්වලට පැමිණෙමින් මෙලෙස ඉන්ධන රැස්කිරීමට යාම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

අනාගතයේ නැවත ඉන්ධන හිඟයක් ඇතිවනු ඇතැයි පවසමින් වැඩි මිලට තෙල් විකිණීමේ ජාවාරම් සඳහා ද මෙලෙස ඉන්ධන රැස්කිරීම සිදුවන බව දැනගන්නට ඇත.

කිව් ආර් කේතයට ඉන්ධන ලබා දීම වඩාත් විධිමත් කරනු තුරු මෙම ජාවාරම් නැවැත්වීම අපහසු තත්ත්වයක් ඇති ව තිබේ. මෙම ජාවාරම් මැඩලීමට පොලිසිය සහ වගකිව යුතු අංශ විධිමත් මැදිහත්වීමක් නොකිරීමත්, ඒ සම්බන්ධ දඬුවම් ප්‍රසිද්ධ නොවීමත් තුළ මෙම තත්ත්වය උද්ගතව ඇති බව සඳහන්ය.

මසකට ප්‍රමාණවත් ඉන්ධන ඇති බව රජය ප්‍රසිද්ධ කර තිබිය දී මෙම තත්ත්වය උද්ගතව ඇති අතර ඇතමෙක්ගේ මෙවැනි හැසිරීම් නිසා හෙට දිනයේ පාසල් ආරම්භ කළද සිසුන් පාසල් වෙත යොමු කිරීමේ අවස්ථාව ඇතැම් දෙමාපියන්ට දුෂ්කර වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here