Home උණුසුම් පුවත් අගමැති ධුරයේ දිවුරුම් දී දිනේෂ් ගිය තැන..

අගමැති ධුරයේ දිවුරුම් දී දිනේෂ් ගිය තැන..

අගමැති ධුරයේ දිවුරුම් දී දිනේෂ් ගිය තැන..

අභිනව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ(22) සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව, කොළඹ බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයට පැමිණ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.

එම අවස්ථාවට දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ, කෝට්ටේ නාග විහාරාධිකාරි කොටහේනේ නාරද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය මාලේවන ධර්මවිජය ස්වාමීන් වහන්සේ (පෙර, අනගාරික ධර්මසේකරතුමා) ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියහ.

එමෙන්ම නව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සුබ පැතීම සඳහා ජාතික සංවිධාන එකමුතුවේ වෛද්‍ය ආචාර්ය ගුණදාස අමරසේකරද, ජනාධිපති නීතීඥ කල්‍යානන්ද තිරාණගමද, පා.ම. ගෙවිඳු කුමරතුංගද, මහාචාර්‍ය නන්ද ධර්මරත්නද ජාතික ව්‍යාපාරයේ බොහෝ නායකයෝ, ක්‍රියාකාරීහු, විද්වත්තු රැසක් එක්ව සිටියහ.

මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ තිස්ස යාපා, උප සභාපති හිටපු රාජ්‍ය අමාත්‍ය පා.ම. සිසිර ජයකොඩි, නියෝජ්‍ය ලේකම් පා.ම. යදාමිණි ගුණවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රීනි සමන්මලී සකලසූරිය ගුණවර්ධන ඇතුළු එම පක්ෂයේ නායකයෝ, ක්‍රියාකාරීහු රැසක් එම අවස්ථාවට සහභාගි වූ අතර පවුලේ ඥාතීහු, හිතවත්තු, හිටපු නියෝජ්‍ය අමාත්‍ය පා.ම.රෝහණ දිසානායක, හිටපු පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මෙන්ම මහජන නියෝජිතයෝ බොහෝ පිරිසක්ද මීට එක්වූහ.

ඉන් අනතුරුව අභිනව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නාරාහේන්පිට අභයාරාමයට පැමිණ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය. එහිදී උන්වහන්සේද විශේෂ අනුශාසනාවක් කළහ.

එම අවස්ථාවට හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාදා එක්විය.  මහජන එක්සත් පෙරමුණ , පොදුජන පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂයට, සම සමාජ පක්ෂයට අනුබද්ධිත  වෘත්තීය සමිති ඇතුළු වෘත්තීය සමිති නායකයෝ, ක්‍රියාකාරීහු රැසක් එම ස්ථානයට පැමිණි සිටියේ දීර්ඝ කාලීන කම්කරු නායකයෙකු වන නව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සුබ පැතීම උදෙසාය.

කොළඹ ධර්මායතනයට සහ නාරාහේන්පිට අභයාරාමයට පැමිණි අවස්ථාවේ එහි පැමිණ සිටි ජනතාව සහ මාධ්‍යවේදීන් සමග සුහද පිළිසදරකද නිරත වු අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලටද පිළිතුරු දුන්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here