මුල් පිටුව උණුසුම් පුවත් ජපානයේ න්‍යෂ්ටික අපජලය මුහුදට – චීනයේ දැඩි විරෝධය

ජපානයේ න්‍යෂ්ටික අපජලය මුහුදට – චීනයේ දැඩි විරෝධය

0

  
ජපානය, ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අපජලය මුහුදට මුදාහැරීමේ සැලැස්ම සම්මත කිරීම පිළිබඳව, චීනය දැඩි විරෝධය පළකරයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා (Wang Wenbin) ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය. මේ සම්බන්ධයෙන්, ජගත් ප්‍රජාව හා‍ දේශීය ජනතාවගේ සාධාරණ ඉල්ලීම් කෙරෙහි ජපානය මුල සිට ම අවධානය යොමු කර නොමැති බව ද Wang Wenbin මහතා මෙහිදී කියාසිටියේය. න්‍යෂ්ටික අපජල ගැටළුව, ගෝලීය මුහුදු පරිසරයේ පැවැත්ම මෙන්ම ශාන්තිකර රටවල ජනතාවගේ සෞඛ්‍යය හා ඍජුව බැඳී ඇති සාධකයකි. එය ජපානයට පමණක් බලපාන්නක් නොවන බව ද,  Wang Wenbin මහතා මෙහිදී පැවසීය.

සිය ජාත්‍යන්තර යුතුකම ප්‍රායෝගිකව අනුගමනය කරන ලෙස චීනය ජපානයෙන් ඉල්ලා සිටී. එසේම,  විද්‍යාත්මක මෙන්ම සුරක්ෂිත ක්‍රමවේදයක් ඔස්සේ න්‍යෂ්ටික අපජලය ගැටළුව විසඳන ලෙසත්,  බලහත්කාරයෙන් අපජලය මුහුදට බැහැර කිරීම නතර කරන ලෙසත්  ජපානයෙන් ඉල්ලා සිටින බව Wang Wenbin මහතා අවධාරණය කළේය.
ජපාන පරමාණුක බලශක්ති රෙගුලාසි සැකසීමේ කමිටුව න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීමේ සැලැස්ම නිල වශයෙන් ඊයේ (22)  සම්මත කළේය.මෙම සැලැස්ම කමිටුව වෙත ඉදිරිපත් කෙරුණේ ටෝකියෝ විදුලිබල සමාගම විසිනි.

NewsWave බීජිං වාර්තාකරු

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version