
ජූලි 25 වන සඳුදා දින සිට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය අද(23) නැවත නිවේදනය කර ඇත.
අදාළ නිවේදනය මෙසේය.
ඒ අනුව 2022.07.19 වන දින නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයට අනුව, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජය/සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලූම විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දී ඇති උපදෙස් පරිදි, 2022 ජූලි 25 වන සඳුදා දින රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ වන අතර, නැවත දැනුම් දෙන තුරු සඳුදා අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා පාසල් පැවැත්වීමත්, බදාදා සහ සිකුරාදා දිනවල දී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි ක‍්‍රියාකාරකම් ලබා දීම හෝ නැතහොත් මාර්ගගතව ඉගැන්වීම් කටයුතු සිදු කිරීමටත් තීරණය කර ඇත.
මාධ්‍ය ඒකකය
අධ්‍යාපන අමාත්‍යාංශය