Home උණුසුම් පුවත් හිටපු ඇමති නිමල්ගේ අල්ලස් චෝදනා විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්

හිටපු ඇමති නිමල්ගේ අල්ලස් චෝදනා විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්

හිටපු ඇමති නිමල්ගේ අල්ලස් චෝදනා විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්

වරාය නාවික හා ගුවන්හි සේවා හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අමාත්‍යධුරයේ කටයුතු කරමින් ජපානයේ සමාගමකින් අල්ලස් ඉල්ලූ බවට පවතින චෝදනා විමර්ශනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය ගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ සහ පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන එස්.එම්.ජී පෙරේරා මහත්වරු පත්කර සිටිති.

අදාළ කමිටුවේ වාර්තාව ලබන 31 වෙනිදාට පෙර ජනාධිපතිවරයාට බාර දිය යුතු බව දන්වා තිබේ.

චෝදනාව එල්ල වීමෙන් පසු පරීක්ෂණයකට අවස්ථාව ලබාදෙමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය.

ඒ අනුව අදාළ සාක්ෂි විමසීම අනිද්දා (25) සිට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පිිහිටි අදාළ කමිටු කාමරයේ දී පැවැත්වෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here