Home උණුසුම් පුවත් බීමත් සෙබලාගේ පා පහරින් දුම්රිය ආරක්ෂකයා එළියට විසිවී මරුට

බීමත් සෙබලාගේ පා පහරින් දුම්රිය ආරක්ෂකයා එළියට විසිවී මරුට

0
බීමත් සෙබලාගේ පා පහරින් දුම්රිය ආරක්ෂකයා එළියට විසිවී මරුට

කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වෙමින් තිබුණු දුම්රියක මත්පැන් පානය කරමින් සිටි දෙදෙනෙක්ට අවවාද කිරීමට ගිය දුම්රිය ආරක්ෂකයෙකුට ඒ එක් පුද්ගලයෙක් විසින් එල්ලකළ පා පහරකින් ආරක්ෂක නිලධාරියා දුම්රියෙන් පිටතට විසිවී සිදුවූ ඇද වැටීමෙන් මිය ගොස් තිබේ.

වේයන්ගොඩ සහ වදුරව දුම්රිය ස්ථාන දෙක අතරදී මෙම සිදුවීම වී ඇත.

ගම්පහ ඔරුතොට පාරේ පදිංචිව සිටි ෂර්ලි ලක්ෂ්මන් දිසානායක නමැති 52 හැවිරිදි දෙදරු පියකු මෙසේ මිය ගොස් තිබේ.

මත්පන් පානය කරමින් ගමන් කළ මෙම පුද්ගලයින් සතුව ප්‍රවේශපත්‍රද තිබී නැති අතර ඒ ගැන දුම්රිය ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරු විසින් සිදුකළ දැනුම් දීමකට අනුව එය පරීක්ෂා කිරීමට මෙම දුම්රිය ආරක්ෂක නිලධාරියා සහ තවත් ආරක්ෂකයෙක් එම ස්ථානයට ගොස් ඇති බව සඳහන්ය.

එහිදී මත්පැන් පානයකරමින් සිටි පිරිස දුම්රිය ආරක්ෂකයින් සමඟ ගැටුමක් ඇතිකර ගෙන තිබේ. මේ තත්ත්වය මත පොලීසියට දැනුම්දී ඇති දුම්රිය ආරක්ෂකයින් මත්පැන් පානයකරමින් සිටි දෙදෙනෙක් සිය භාරයට ගෙන වෙනත් මැදිරියකට රැගෙන යාමට සූදානම් වූ අවස්ථාවේදී ඒ එක් අයෙක් ධාවනය වෙමින් තිබුණු දුම්රියෙන් ආරක්ෂකයා දොරෙන් පිටතට විසිවන ලෙසට පා පහරක් එල්ලකර ඇති බවත් එම අනපේක්ෂිත ප්‍රහාරය හමුවේ දුම්රිය ආරක්ෂකයාද පිටතට විසිවී ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

එම අවස්ථාවේදී සෙසු දුම්රිය ආරක්ෂකයින් ඇතුළු සේවකයින් වහාම ක්‍රියාත්මක වෙමින් දුම්රිය නතරකර ඇද විටී සිටි දුම්රිය ආරක්ෂක නිලධාරියාව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ. ඒ වන විටත් බරපතල තත්ත්වයේ සිටි ඔහු රෝහල්ගත කරන අතර තුර මිය ගොස් ඇත.

අනතුරුව සැකකරුව මීරිගම පොලිස් ස්ථානයට භාරදීමට පියවර ගෙන ඇත. එම සැකකරුවන්ගෙන් අයෙක් යුද හමුදා සෙබලෙක් බවත් අනෙත් සැකකරු දුම්රිය භෝජනාගාරයේ සේවය කළ අයෙක් බවත් පොලීසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here