අවසන් යුද්ධයේදී වෙල්ලමුල්ලි වයික්කාල් හී දී මිය ගිය පිරිස් අනුස්මරණය කිරීම සදහා යැයි සදහන් කරමින් යාපනය විශ්ව විද්‍යාල භූමයේ ඉදිකර තිබුණු රණවිරු ස්මාරකය විශ්ව විද්‍යාල බලධාරීන්ගේ දැනුම්දීමකට අනුව ආරක්ෂක අංශයේද රැකවරණය මත කඩා ඉවත් කෙරෙන්නේ ඉකුත් ජනවාරි 08 වෙනිදාය.
එම ස්මාරකය ඉවත් කෙරෙන්නේද එය නීති විරෝධී ඉදිකිරීමක් ලෙස සලකාය.
එම රණවිරු ස්මාරකය ඉවත්කිරීමට එරෙහිව විශ්ව විද්‍යාලය තුලත් ඉන් පිටතත් විරෝධතා ගොඩ නැගෙන්නේ උතුරු සහ නැගෙනහිර පළාත් ආශ්‍රිතව හර්තාල් සහ විරෝධතා පාගමන් පවා සංවිධානය වෙමිනි.
මේ තත්වය මත බලධාරීන්ට සිදුවන්නේ කඩා ඉවත්කල ඒ රණවිරු ස්මාරකය යැයි කී ස්මාරකය නැවත ගොඩ නැගීමට අවස්ථාවක් ලබාදීමටය. ඒ අනුව ජනවාරි 15 වෙනිදා මුල්ගල් තබමින් එම ස්මාරකය ගොඩ නැගීමේ කටයුත්තට යාපනය විශ්ව විද්‍යාල බලධාරී්න් පෙරටුකරගනිමින් ශිෂ්‍යයින් මුල පිරිවෝය.
අද එතැන ඉදිවී ඇත්තේ එහි තිබුණාට වඩා වටිනාකමක් ගෙනදුන් ස්මාරකයකි. අද (23) පෙරවරු 7.15 ට පමණ එම ස්මාරකය විවෘත කෙරෙන්නේ යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ශිෂයින් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙනි. ස්මාරකය අද විවෘත කිරීමට නියමිතව තිබුණේ උපකුලපති ශ්‍රී සත්ගුණරාජා මහතාගේ ප්‍රධානත්වයෙනි. එහෙත් ඒ මහතා ඊයේ (22) රාත්‍රිෙය් හදිසියේම අසනීපවී රෝහල්ගත වී ඇත. ඒ අනුව රණවිරු ස්මාරකය විවෘත කිරීමට සිදුව ඇත්තේ එය ගොඩ නැගීමට මුල්වූ ශිෂයන්ටම පමණි.
