තවත්
    මුල් පිටුවspecialබ්‍රිතාන්‍ය ගිනියම් වෙයි

    බ්‍රිතාන්‍ය ගිනියම් වෙයි

    බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය අද (19) දිනයේදී වාර්තා විය.

    ඒ අනුව අද දිනයේදී ලන්ඩනයේ හීත්‍රෝ හී උෂ්ණත්වය වර්තා ගත ගෙස සෙල්සියස් අංශක 40.2ක අගයක්ව පැවතිය බවට බීබීසී පුවත් සේවය සඳහන් කරයි.

    මෙම අධික උෂ්ණත්වය හේතුවෙන් මාර්ග වල අතුරා තිබූ තාර පවා උණුවී තිබූ බවත් බ්‍රිතාන්‍යයේ ප්‍රදේශ රැසක විදුලිය විසන්දි වීමද වාර්තා වූ බවට එම පුවත් සේවය වර්තා කරයි. විදුලිය බිඳවමත් සමඟ නිසි ලෙස වායු සමනය කිරීමට නොහැකි වූ ගොඩනැගිලි තුල කාලය ගතකිරීමටද නොහැකි තත්ත්වයක් නිර්මාණය වූ බවද වාර්තා විය.

    පවතිත අධීක උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේනව විට පුද්ගලයින් පස් දෙනෙකු මරණයට පත්ව ඇත. මේත අතර එරට හදිසි සේවා සහ ගිලන් රථ සඳහා ලැබෙන ඇමතුම් සංඛ්‍යාවද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවද බීබීසි පුවත් සේවය සඳහන් කරයි.

    ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් පවසා ඇත්තේ බ්‍රිතාන්‍යයේ සහ යුරෝපය පුරා අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජීවත්ක්ෂයට පත්වීම වාර්තා වීමට හැකියවක් පවතින බවයි. එහිදී වැඩිහිටි සහ වෙනත් රොගාබාද වලින් පෙළන ජනතාව වැඩි අවදානමකට මුහුණ දෙන බවද එම සංවිධානය පෙන්වා දී ඇත.

    මේ අතර පවතින අධීක උෂ්ණත්වය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ දුම්රිය ගමන්වාර රැසක්ම අවලංගු කිරීමටද සිදුව ඇත. ඊට හේතුව වී ඇත්තේ පවතින උෂණ්තවය හේතුවෙන් දුම්රිය පීලි වල හැඩය වෙනස් වීම් වාර්තා වීමයි. එමෙන්ම බ්‍රිතාන්‍යයේ ස්ථාන කිහිපයකම කුඩා ගිණි ගැනීම්ද වාර්තා තිබේ.

    බ්‍රිතාන්‍යට අමතරව යුරෝපය පුරාද දැඩි උණුසම් කාලගුණ තත්ත්වයක් වාර්තා වන අතරම ලැවි ගිණිද විශාල වශයෙන් වාර්තාවේ.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img