Home උණුසුම් පුවත් Hangzhou ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන දිනය නිල වශයෙන් නිවේදනය කෙරේ

Hangzhou ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන දිනය නිල වශයෙන් නිවේදනය කෙරේ

Hangzhou ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන දිනය නිල වශයෙන් නිවේදනය කෙරේ

 
Hangzhou ආසියානු ක්‍රීඩා උළෙල 2023 වසරේ සැප්තැම්බර් 23 වැනිදා සිට ඔක්තෝබර්  8 වැනිදා දක්වා චීනයේ Hangzhou නගරයේ දී පැවැත්වේ.

ආසියානු ඔලිම්පික් කවුන්සිලය අද(19) මේ බව නිවේදනය කළේය. පෙර පැවති සැලසුමට අනුව, උළෙල මේ වසරේ සැප්තැම්බර්  10 වනදා සිට 25 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබිණ.

කෙසේවෙතත් 2022, 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල යන නාමය නොවෙනස් වනු ඇත. 

සෙසු ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි නොපැවැත්වෙන කාලයක් තෝරාගැනීම සඳහා ගෙවී ගිය මාස දෙක තුළ කවුන්සිලයේ කාරක කණ්ඩායම, චීන ඔලිම්පික් කමිටුව හා Hangzhou ආසියානු ක්‍රීඩා උළෙලේ කමිටුව සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇත.

අවසානයේ උළෙල පැවැත්වීම සඳහා කාරක කණ්ඩායම යෝජනා කළ කාලය නිල වශයෙන් සම්මත කෙරුණු බව ආසියානු ඔලිම්පික් කවුන්සිලය ප්‍රකාශ කළේය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here