Home උණුසුම් පුවත් චීනයේ ටියැන්චෞ-3 ‍යානයේ භාණ්ඩ ප්‍රවාහනය සාර්ථකයි

චීනයේ ටියැන්චෞ-3 ‍යානයේ භාණ්ඩ ප්‍රවාහනය සාර්ථකයි

චීනයේ ටියැන්චෞ-3 ‍යානයේ භාණ්ඩ ප්‍රවාහනය සාර්ථකයි

චීනයේ Tianzhou-3 (ටියැන්චෞ 3) භාණ්ඩ ප්‍රවාහන යානය අදාළ කාර්යයන් සම්පූර්ණ කර, අභ්‍යවකාශ මධ්‍යස්ථාන සංකීර්ණයෙන් ඉවත් වෙයි.

චීනයේ Tianzhou-3 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය නියමිත සියලු කාර්යයන් සම්පූර්ණ කර ජූලි 17 වැනිදා පෙරවරු 10:59 ට අභ්‍යවකාශ මධ්‍යස්ථාන සංකීර්ණයෙන් ඉවත් විය.

ඉකුත් වසරේ සැප්තැම්බර් 20 වැනිදා, Tianzhou-3 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය චීනයේ Hainan පළාතේ Wenchang නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට, නියමිත  කක්ෂයට  යොමුකෙරුණු අතර, එමඟින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ටොන් 6 ක පමණ සැපයුම් රැගෙනයාම සිදුවිය.

මේ වනවිට Tianzhou-3 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය යහපත් තත්ත්වයේ පවතින අතර, ඉදිරියේ දී පෘථිවි පාලනය යටතේ නියමිත වේලාවක දී වායුගෝලයට ප්‍රවේශ වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here