Home උණුසුම් පුවත් පොලිස් නිලධාරීන්ට පහරදී පැහැරගත් කඳුළු ගෑස් පතොරම් රැසක් පෙදරේරුවා ළඟ

පොලිස් නිලධාරීන්ට පහරදී පැහැරගත් කඳුළු ගෑස් පතොරම් රැසක් පෙදරේරුවා ළඟ

0
පොලිස් නිලධාරීන්ට පහරදී පැහැරගත් කඳුළු ගෑස් පතොරම් රැසක් පෙදරේරුවා ළඟ
file photo

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ පොල්දූව හංදියේදී ඉකුත් 13 වෙනිදා පැවති නොසන්සුන් තත්වය හමුවේ පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී පැහැරගත් කඳුළු ගෑස් පතොරම් රැසකින් කොටසක් රාජගිරිය ඔබේසේකර පුර නිවසකින් හමුවී තිබේ.

එම නිවසේ පදිංචිව සිටින්නේ පොලොන්නරුවේ සිට කොළඹ පැමිණ පෙදරේරුවෙක් ලෙස කටයුතු කරන අයෙක් බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත. එම පුද්ගලයා එම නිවසේ පදිංචිව සිටින්නේ කුළියටය.

31 හැවරදි මෙම පුද්ගලයා කුළි නිවසේ සඟවාගෙන සිටි කඳුළු ගෑස් පතොරම් 50ක් සොයාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. එසේ කඳුළු ගෑස් පතොරම් පැහැර ගැනීමට මුල් වූයේ ඇයි දැයි සහ ඔහු සමඟ එම ක්‍රියාවට සම්බන්ධ වූවෝ කවුරුන්දැයි යන්න පිළිබදව පොලීසිය පුළුල් විමර්ශනයක ආරම්භකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here