Home උණුසුම් පුවත් “පෝලිම්වල වාහන අයින් කරනකල් තෙල් බෙදන්නේ නෑ” – ඇමති

“පෝලිම්වල වාහන අයින් කරනකල් තෙල් බෙදන්නේ නෑ” – ඇමති

“පෝලිම්වල වාහන අයින් කරනකල් තෙල් බෙදන්නේ නෑ” – ඇමති

ඉන්ධන පිරවුම්හල්වල නවතා ඇති වාහන ඉවත් කරගන්නා තෙක් එම ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හැරීම සිදුනොකරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ඉන්ධන බෙදාහැරීම ආරම්භ කෙරෙන දිනය ඉදිරියේදී දැනුම් දෙන බව අමාත්‍යවරයා කියාසිටී.

ඔහු පෙන්වා දෙන්නේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන තෙක් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල නොසිටින ලෙස ඉල්ලීම් රාශියක් ඉදිරිපත් කර ඇතත් තවමත් වාහන පෝලිම් පවතින බවයි.

අලුතින් හඳුන්වා දුන් ජාතික ඉන්ධන පාස් සහ අංක තහඩුවේ අවසාන ඉලක්කම් දෙකම අනිවාර්ය කෙරෙන බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි.

නව පද්ධතිය සැකසීම සහ එය ක්රියාත්මක කිරීම පහසු කාර්යයක් නොවන බවද අමාත්‍යවරයා සිහිපත් කරයි.

නමුත් ඉදිරි මාස කිහිපය තුළ සෑම දෙනාටම සතිපතා ඉන්ධන කෝටාවක් සහතික කිරීම සඳහා එය ක්‍රියාත්මක කළ යුතු බැවින් මෙය සුමටව ක්‍රියාත්මක කිරීමට මහජන සහාය අවශ්‍ය වන අතර අවශ්‍ය පරිදි ඉදිරියේදී වැඩිදියුණු කරනු ඇති බව ද හෙතෙම කියාසිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here