Home උණුසුම් පුවත් රනිල්ගේ ගේ ගිනි තියපු වෙලාවේ එතැන හිටපු අයෙක් රටින් පැනල

රනිල්ගේ ගේ ගිනි තියපු වෙලාවේ එතැන හිටපු අයෙක් රටින් පැනල

0
රනිල්ගේ ගේ ගිනි තියපු වෙලාවේ එතැන හිටපු අයෙක් රටින් පැනල

වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ පිහිටි පෞද්ගලික නිවස ගිනි තැබීමට මුල්වූ උද්ඝෝෂණයේ කැපී පෙනෙන චරිතයක් එදිනම රෑ රටින් පිටව ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන විමර්ශන වලින් හෙළිවී තිබේ.

මෙම පුද්ගලයා කැලණිය පැත්තේ විපක්ෂයේ දේශපාලනයට සම්බන්ධව කටයුතු කරන අයෙකි. එම සැකකරුගේ පියාද දේශපාලනයට සම්බන්ධ නමගිය පුද්ගලයෙකි. අදාල දේශපාලන පක්ෂයේ කැලණියේ ආසන සංවිධායකවරයෙක් ලෙසද රාජ්‍ය ආයකන කිහිපයකම විවිධ තනතුරුද ඔහු දරා ඇත.

වැඩ බලන ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාව සිටියදී ඉකුත් 09 වෙනිදා ඔහුගේ නිවස අසලට රැස්වූ පළමු කණ්ඩායම අතර ඔහු සිට ඇත්තේ ඉදිරියෙනි. ජනතාව කුපිත කරවන ආකාරයේ ප්‍රකාශ ඔහු නිකුත්කර ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනී ගොස් තිබේ. ඔහු සමඟ තවත් පිරිසක් එම ස්ථානයට පැමිණ ඇති බවත් ඒ සම්බන්ධයෙන් කෙරන විමර්ශනයන්ට අදාලව ප්‍රකාශයක් ගැනීමට සොයන විට ඔහු රටින් පිටව ගොස් ඇති බවත් පෙනී ගොස් ඇත.

මෙම පුද්ගලයා නිවස ගිනි තැබූ දිනයේදීම රටින් පිටව ගොස් ඇත්තේ එංගලන්තය ලබා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here