Home උණුසුම් පුවත් අරගලකරුවෙකුට රටින් පිටවීම තහනම් කෙරේ

අරගලකරුවෙකුට රටින් පිටවීම තහනම් කෙරේ

0
අරගලකරුවෙකුට රටින් පිටවීම තහනම් කෙරේ

අරගලයේ ක්‍රියාකාරිකයෙකු බව කියන පැතුම් කර්නර් නැමැති අයට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය පියවර ගෙන තිබේ.

ඒ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ පැවති විරෝධතාවය හමුවේ යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදී ගිනි අවි දෙකක් පැහැර ගැනීමට අදාල විමර්ශනයන්ට අදාලවය.

එම ස්ථානයට ජනතාව කැඳවා නොසන්සුන් තත්ත්වයක් ඇතිකළේ යැයි මේ වන විට සෙසු අරගලකරුවන්ගෙන්ද චෝදනා එල්ලවී ඇත්තේ පැතුම් කර්නර් නැමැත්තාට එරෙහිවය.

ඉදිරියේදී අරගලයට සම්බන්ධ තවත් කිමිප දෙනෙකු සම්බන්ධයෙන්ද මෙවැනිම අධිකරණ නියෝග ලබාගැනීමට පොලීසිය සූදානමින් සිටින බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

මෙතෙක් පැහැර ගැනීමට ලක්වූ ගිනි අවිය දෙක හමුවී නැත. කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් කණ්ඩායම් දෙකක් එම අවි සොයා විමර්ශශන පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here