කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් මී ගවයින් සහ එළ ගවයින් 16 දෙනෙකු මියගොස් තිබේ.
මෙම ගවයින් රංචුව දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී ඕමන්තේ ප්‍රදේශයේදී යාපනය සිට අද අලුයම පැමිණි දුම්රියේ ගැටී මෙලෙස මියගොස් ඇත.
මේ අතර මෙම දුම්රියේ ගැටීමෙන් වව්නියාව තාණ්ඩිකුලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු ද තුවාල ලැබීය.