Home උණුසුම් පුවත් ජංගම ඉන්ධන පිරවුම්හලක් එයි

ජංගම ඉන්ධන පිරවුම්හලක් එයි

ජංගම ඉන්ධන පිරවුම්හලක් එයි

ජංගම ඉන්ධනහලක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කර තිබේ.

නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති, මෙම ජංගම ඉන්ධනහල මාර්ගයෙන් ත්‍රිරෝද රථ සහ ජෙනරේටර් සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම සිදු කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඉදිරියේ දී මෙම ජංගම ඉන්ධන හල් මගින් ත්‍රී රෝද රථ, බයිසකල් සහ කෑන් වෙත ඉන්ධන නිකුත් කිරීමට බලාපොරොත්තු වේ.

ඉන්ධන පිරවුම්හල්වලින් දුරස්ථව විවෘත ස්ථානවල සිට මෙලෙස ජංගම ඉන්ධන බෙදාහැරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here