Home උණුසුම් පුවත් තෙල් නැව් පෝලිමක් – ඉන්ධන කාඩ් එකකුත් එයි

තෙල් නැව් පෝලිමක් – ඉන්ධන කාඩ් එකකුත් එයි

තෙල් නැව් පෝලිමක් – ඉන්ධන කාඩ් එකකුත් එයි

අද උදෑසන මෙරටට ළඟා වූ ඩීසල් රැගත් නෞකාවේ ඉන්ධන සාම්පල් පරික්ෂාව මේ වන විට සිදුකරමින් පවතින බව අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

ඩීසල් තොග රැගත් තවත් නෞකාවක් අද දිනය තුලදී පැමිණීමට නියමිත බව ඔහු කියාසිටී.

පෙට්ට්‍රල් රැගත් නෞකාවක් මෙම මස 18-19 යන දිනයන් හිදී පැමිණීමට නියමිතව ඇත.

මේ අතර ජාතික ඉන්ධන කාඩ්පතක් හදුන්වා දීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ ක්‍රමවත් ලෙස මහජනතාවට ඉන්ධන ලබාදීම සදහා ය.

මේ සඳහා ශ්‍රී ලංකා සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ආයතනයේ තාක්ෂණ සහාය ලබාගැනේ.

ඊට ලියාපදිංචිවීම මෙම වෙබ් අඩවිය ඔස්සේ සිදු කළ හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here