තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"දැන් ඕනෑ සාමකාමීව රටේ ආර්ථිකය හදන අඩිතාලමක්"- මැදගම ධම්මානන්ද හිමි

    “දැන් ඕනෑ සාමකාමීව රටේ ආර්ථිකය හදන අඩිතාලමක්”- මැදගම ධම්මානන්ද හිමි

    |නදීක දයා බණ්ඩාර – මහනුවර|

    පක්ෂ දේශපාලනය පිළිබදව නොසිතා ස්ථාවර, සාමකාමී හා ආර්ථික වශයෙන් රට නඟා සිටුවීම සඳහා අවශ්‍ය අඩිතාලම මේ අවස්ථාවේදී යෙදිය යුතු යැයි අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.

    රටේ ඇතිවෙමින් තිබුණු ව්‍යවනකාරී හා අස්ථාවරභාවය පිළිබදව මහා සංඝරත්නය කොතෙකුත් කරුණු ඉදිරිපත් කළත් ඒ පිළිබදව අවධානය යොමු නොකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට රට අස්ථාවර තත්ත්වයට පත්ව ඇතැයි අද (15) අස්ගිරි මහා විහාරයේදී මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් ලේඛකාධිකාරී හිමියන් මේ බව සඳහන් කළහ.

    දේශපාලනයේ නිරතවන සියලු දෙනා රට නඟා සිටුවීම සඳහා නීතියානුකූලව හා ව්‍යවස්ථානුකූලව මේ අවස්ථාවේදී කටයුතු සිදු කරනු ඇතැයි යන විශ්වාසය සහ බලාපොරොත්තුව පවතින බවත් අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img