Home උණුසුම් පුවත් ජනපති අපේක්ෂකයාට සහය වීම ගැන පොහොට්ටුවෙන් මත 2ක්

ජනපති අපේක්ෂකයාට සහය වීම ගැන පොහොට්ටුවෙන් මත 2ක්

ජනපති අපේක්ෂකයාට සහය වීම ගැන පොහොට්ටුවෙන් මත 2ක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් වශයෙන් වෙනත් අපේක්ෂකයෙකුට සහාය දීමට තීරණයක් ගෙන නැතැයි පක්ෂ සභාපති, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

තම පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් ව ඇති බැවින් සහාය දිය යුත්තේ පක්ෂයේ අපේක්ෂකයාට මිස පිටස්තර අපේක්ෂකයකුට නොවන බව ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බැවින්, පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව ලබන විසිවැනිදා පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දයට ඉදිරිපත් වන බව ඩලස් අලහප්පෙරුම මහතා දැනටමත් ප්‍රකාශ කර ඇතැයි කී මහාචාර්ය  පීරිස් මහතා ඔහු ඉතා සුදුසු අපේක්ෂකයෙකු බවද වැඩිදුරටත් පැවසීය.

කෙසෙේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා අද (15) පස්වරුවේ සඳහන් කළේ ජනාධිපතිවරයා තෝරාගන්නා ඡන්දයේදී තම පක්ෂයේ සහය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here