Home දේශීය පුවත් ජනපති සටනෙදි පොහොට්ටුවේ සහය රනිල්ට

ජනපති සටනෙදි පොහොට්ටුවේ සහය රනිල්ට

ජනපති සටනෙදි පොහොට්ටුවේ සහය රනිල්ට

නව ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට තීරණය කළ බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

ජනපති සටනට තමන්ද ඉදිරිපත් වන බවට ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනය කොට පැයක් ගතවන්නට මත්තෙන් සාගර කාරියවසම් මහතා ප්‍රකාශය නිකුත් කොට තිබේ.

අදාළ තීන්දුව ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු රැස්වුණු බව සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here