Home උණුසුම් පුවත් ලොව වැඩිම පිරිසක් බලා ඉද්දී ජනපති රැගත් යානය සිංගප්පූරුවට

ලොව වැඩිම පිරිසක් බලා ඉද්දී ජනපති රැගත් යානය සිංගප්පූරුවට

ලොව වැඩිම පිරිසක් බලා ඉද්දී ජනපති රැගත් යානය සිංගප්පූරුවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පුරුවට ළඟාවී ඇතැයි වාර්තා වේ.

ජනපති රැගත් යානය මීට සුළු වේලාවකට පෙර සිංගප්පූරුවේ චැන්ගි ගුවන්තොටුපල වෙත ගොඩබැස්වූ බවට ගුවන් යානා නිරීක්ෂණ වෙබ් අඩවිවල දැක්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවට යන ගුවන් යානය ලොව වැඩිම පිරිසක් නිරීක්ෂණය කළ ගුවන් යානය බවට ද පත්වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදය පිළිබඳ ලොව පුරා පවතින උනන්දුව මෙමගින් පෙන්නුම් කෙරෙන බව එම වාර්තා පවසයි.

ජනාධිපතිවරයා රැගත් යානය සිංගප්පූරුවට ගොඩබස්වන විට එය ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේද උණුසුම් පුවතක් ලෙස වාර්තා කර තිබුණි.

Flightradar24.com හි දත්තවලට අනුව, Male සිට ගමන් කළ ගුවන් යානය ගොඩබැස්වීමට ආසන්න වන විට පරිශීලකයින් 12220කට වැඩි පිරිසක් විසින් නිරීක්ෂණය කර ඇත.

එය යුරෝපයේ පියාසර කරන ප්‍රංශ ගුවන් හමුදා යානයක් නිරීක්ෂණය කරන පුද්ගලයින් සංඛ්‍යාව මෙන් තුන් ගුණයකට වඩා වැඩි බව විදෙස් මාධ්‍ය කියාසිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here