වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අංශයේ සේවකයින් සඳහා ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙල හෙට (15) සිට යළිත් ක්‍රියාත්මක කරන බව එම අමාත්‍යංශය පවසයි.
ඒ අනුව යතුරුපැදි සඳහා ලීටර 6 ක්, ත්‍රිරෝද රථ සඳහා ලීටර 8 ක් සහ මෝටර් රථ සඳහා ලීටර 20 ක ප්‍රමාණයක් බැගින් සීමාවකට යටත්ව එම සේවකයින්ට ඉන්ධන ලබාගත හැකි වේ.
සෑම සිකුරාදා දිනකදීම සෞඛ්‍ය අංශයේ සේවකයින් සඳහා ඉන්ධන ලබාගැනීම සඳහා අවස්ථාව ලබාදී තිබූ අතර සති දෙකක කාලයක් එය නවතා දමා තිබුණි .