Home උණුසුම් පුවත් රනිල්ට විශ්වාසභංගයක්

රනිල්ට විශ්වාසභංගයක්

රනිල්ට විශ්වාසභංගයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

එම පක්ෂයේ මහලේකම්,පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ වහාම පාර්ලිමේන්තුව කැඳවා එක් දිනක් තුළ විශ්වාසභංග යෝජනාව සම්මත කර අග්‍රාමාත්‍යවරයා තනතුරින් ඉවත් කිරීමට කටයුතු කළයුතු බවයි.

මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු අනෙකුත් පක්ෂ නායකයින් සමග සාකච්ඡා කරමින් සිටින බව මහලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගෙන මෙම විශ්වාසභංග යෝජනාව හැකි ඉක්මනින් කථානායකවරයාට බාරදීමට පියවර ගන්නා බවයි දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පියවර ගන්නා බවද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here