Home උණුසුම් පුවත් පොල්දූව හංදියේදී විරෝධතාකරුවන් හමුදා සෙබලෙකුට පහරදී ටී-56 අවිය පැහැරගෙන

පොල්දූව හංදියේදී විරෝධතාකරුවන් හමුදා සෙබලෙකුට පහරදී ටී-56 අවිය පැහැරගෙන

0
පොල්දූව හංදියේදී විරෝධතාකරුවන් හමුදා සෙබලෙකුට පහරදී ටී-56 අවිය පැහැරගෙන

පාර්ලිමේන්තු පිවිසුමේ ආරක්ෂාවට ගොදවා සිටි හමුදා සෙබලෙකුට ඊයේ රාත්‍රීකාලයේ පහරදුන් විරෝධතාකරුවන් පිරිසක් එම හමුදා සෙබලා සතුව තිබුණු ටී 56 අවිය පැහැරගෙන ගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

එම ගිවි අවිය සම පතොරම් 60ක් පිරවූ පතොරම් ගැබ් දෙකක්ද පැහැර ගෙන ගොස් ඇති බවද මාධ්‍ය ඒකකය සදහන් කළේය.

ඒ සම්බන්ධයෙන් හමුදාව බොරැල්ල පොලීසියට පැමිණිල්ලක්ද කර තිබේ.

පොල්දූළු හන්දියේදී විරෝධතාකරුවන්ගේ පහරකෑම්වලට ලක්වූ පොලීසියේ නිලධාරියෙක්ද හමුදා නිලධාරීයෙක්ද තුවාල ලබා ඇති බවද පොලීසිය කියයි. පොලිස් නිලධාරියා බරපතල ලෙස තුවාල ලබා ඇති බවත් එම පොලිස් නිලධාරියා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව සේවයේ නිරතව සිටින කොස්තාපල්වරයෙක් බවත් පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here