Home උණුසුම් පුවත් ජනපති මැදුරෙන් හමුවූ මුදල් ගැන සී.අයි.ඩී. විමර්ශන අරඹයි

ජනපති මැදුරෙන් හමුවූ මුදල් ගැන සී.අයි.ඩී. විමර්ශන අරඹයි

0
ජනපති මැදුරෙන් හමුවූ මුදල් ගැන සී.අයි.ඩී.  විමර්ශන අරඹයි

ජනාධිපති මන්දිරයේ අල්මාරියකින් අරගලකරුවන් පිරිසකට හමුවී පොලීසියට භාරදුන් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භකර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ පැමිණ විමර්ශන භාරගත් බව කොටුව පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

අරගලකරුවන් විසින් භාරදුන් එම මුදල පොලීසිය භාර ඇමතිවරයාට භාරදෙන ලෙස බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කලායැයි කියනු ලබන බලපෑම සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් එම විමර්ශනයේදී යොමුවනු ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here